24 C
Colombo
Tuesday, March 2, 2021

මානව හිමිකම් චෝදනාවලට ඍජුව පිළිතුරු දෙන්න සූදානම්

පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක මානව හිමිකම් තත්ත්වය සහ වගවීම පාදක කර ගනිමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් යෝජනාවක් ඉදිරිපත් වී තිබෙන පසුබිමක...
More

    Latest Posts

    වෙරළේ එකතු වන ප්ලාස්ටික්වලින් අලියෙක් සැකසූ “ලලිත්“නැගෙනහිර වෙරළෙන් ලෝක වාර්තාවකට සැරසෙයි

    - Advertisement -
    කැළිකසල වලින් තොර පරිසරයක් ඇති කිරීමේ අරමුණින් නැගෙනහිර පළාතේ පරිසරය සහ වෙරළ සංරක්ෂණය කිරීමට අදාළ විශේෂ ව්‍යාපෘති කිහිපයක් ක්‍රියාත්මක කිරීමට පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පියවර ගත්තාය.
     
    එහි එක් අදියරක් ලෙස ත්‍රිකුණාමල මුහුදු වෙරළේ එකතුවන ප්ලාස්ටික් සහ අනෙකුත් අබලි ද්‍රව්‍ය වලින් අඩි 100ක් දිග තල්මසෙකු නිර්මාණය කිරීමේ විශේෂ ව්‍යාපෘතියකට එකගතාවය පළවිය.
     
    එය නිර්මාණය කරන්නේ ප්‍රවීණ නිර්මාණ ශිල්පියෙකු වන ලලිත් සේනානායක මහතා විසිනි. එය ලෝක වාර්තාවක් වන නිර්මාණයක් විමටද නියමිතය. මීට පෙර ඔහු විසින් මුහුදු වෙරළෙන් එකතු කර ගත් ප්ලාස්ටික් සහ අනෙකුත් අබලි ද්‍රව්‍ය වලින් විශාල ඇතෙකු නිර්මාණය කර ඇති අතර වත්තල උස්වැටකෙයියාව වෙරළේ එම අලියා සවි කර තිබේ.
     
    ත්‍රිකුණාමලය නගර සභාව සහ තවත් ආයතන කිහිපයක සහයෝගයෙන් මෙම තල්මසා නිර්මාණය කිරීමට නියමිතය. මේ අතර ප්ලාස්ටික් උපයෝගි කර ගනිමින් තාර නිෂ්පාදනය කිරීමේ ව්‍යාපෘතියක් ඇතුළු තවත් පරිසර සංරක්ෂණ ව්‍යාපාතින් කිහිපයකත් පිළිබදව මෙහිදි සාකච්ඡා කෙරිණි.
     
    මේ අවස්ථාවට පළාත් ප්‍රධාන අමාත්‍යංශ ලේකම් යූ.එල්.ඒ. අසීස්, ආණ්ඩුකාර ලේකම් එල්.පී. මදනායක, සහකාර පළාත් පාලන කොමසාරිස්වරුන් , නාගරික සංවර්ධන අධිකාරිය, මධ්‍යම පරිසර අධිකාරිය, මාර්ග සංවර්ධන අධිකාරිය සහ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් ඇතුළු නිළධාරින් පිරිසක් එක්ව සිටියහ.
    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.