24 C
Colombo
Thursday, February 25, 2021

පාසල් ක්‍රිකට් සම්බන්ධීකරණයට 12ක්

සියලු වයස් කාණ්ඩ ආවරණය වන පරිදි දිවයින පුරා විසිරී සිටින දක්ෂතාවන්ගෙන් හෙබි ක්‍රීඩක ක්‍රීඩිකාවන් සොයා ගැනීම වෙනුවෙන් පාසල් ක්‍රිකට් පළාත් සම්බන්ධීකාරවරුන් 12ක් පත්කිරීමට ශ්‍රී...
More

    Latest Posts

    අංක 01 නවසීලන්තය, ශ්‍රී ලංකාවට 10 වන තැනට – කොරෝනා මර්දනය හොදින්ම කළ රටවල් මෙන්න!

    - Advertisement -

    ලොව පුරා පැතිර යන කොවිඩ් වසංගත තත්වය පාලනය කල රටවල් අතර ශ්‍රී ලංකාවට 10 වන ස්ථානය හිමිවී තිබෙනවා.

    ඕස්ට්‍රේලියාවේ සමීක්ෂණ ආයතනයක් වන Lowy ආයතනය විසින් මෙම සමීෂණය සිදුකොට ඇති අතර ඒ සඳහා ඔවුන් සැලකිල්ලට ගෙන ඇත්තේ කොවිඩ් රෝගීන්ගේ වාර්තා වීම්,මරණ අනුපාතය සහ සුවවීමේ ප්‍රතිශතය ආදී දත්ත වාර්තාවන්.

    - Advertisement -

     

    මෙහි ප්‍රථම ස්ථානයට නවසීලන්තය පත්ව ඇති අතර වියට්නාමය,තායිවානය සහ තායිලන්තය පිළිවෙලින් එහි සෙසු ස්ථාන හිමිකරගෙන තිබෙනවා.

    - Advertisement -

    එක්සත් රාජධානිය මෙම ලැයිස්තුවේ 66 වෙනි ස්ථානයට පත්ව ඇති අතර ඉන්දියාවට හිමිව ඇත්තේ 86 යි.

    මෙම සමීක්ෂණයට රටවල් 98 ක් පාදක කොට ගෙන ඇති අතර අවසන් ස්ථානයට පත්ව ඇත්තේ බ්‍රසීලයයි.ඇමරිකාවට හිමිව ඇත්තේ 94 වන ස්ථානයයි.

    ශ්‍රී ලංකාව හැරුනු විට දකුණු ආසියානු කලාපයේ වෙනත් කිසිඳු රටක් මෙහි පලමු රටවල් 10 අතරට ඇතුලත් වී නොමැති අතර ප්‍රමාණවත් දත්ත වාර්තා නොමැති වීම නිසා මෙම ලැයිස්තුවට චීනය ඇතුලත් නොවීමද විශේෂත්වයක්.

    - Advertisement -

    අදාළ සමීක්ෂණ වාර්තාව මෙතනින් https://interactives.lowyinstitute.org/features/covid-performance/

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.