24 C
Colombo
Thursday, February 25, 2021

පාසල් ක්‍රිකට් සම්බන්ධීකරණයට 12ක්

සියලු වයස් කාණ්ඩ ආවරණය වන පරිදි දිවයින පුරා විසිරී සිටින දක්ෂතාවන්ගෙන් හෙබි ක්‍රීඩක ක්‍රීඩිකාවන් සොයා ගැනීම වෙනුවෙන් පාසල් ක්‍රිකට් පළාත් සම්බන්ධීකාරවරුන් 12ක් පත්කිරීමට ශ්‍රී...
More

    Latest Posts

    කොවිඩ් පාලනයේ ලොව හොඳම රටවල් අතර ශ්‍රී ලංකාව 10වන තැනට

    - Advertisement -
    කොරෝනා වෛරසයට සාර්ථකව ප්‍රතිචාර දක්වන රටවල් 10 අතරට ශ්‍රී ලංකාව ද ඇතුළත්ව තිබේ. මේ බව දැක්වෙන්නේ,ඔස්ට්‍රේලියාවේ ලෝවි ආයතනය නිකුත් කළ වාර්තාවකයි. රටවල් 98ක් අතුරින් මෙම රටවල් තෝරාගෙන තිබේ.
     
    නවසීලන්තය,වියට්නාමය,තායිවානය,තායිලන්තය,සයිප්‍රසය,රුවන්ඩාව,අයිස්ලන්තය,ඔස්ට්‍රේලියාව,ලැට්වියාව සහ ශ්‍රී ලංකාව යන රටවල් මෙලෙස වෛරසය මර්දනයට එලදායී පියවර ගෙන ඇති රටවල් බව වාර්තාවේ සඳහන්ය.
     
    ලෝවි ආයතනයේ පර්යේෂකයන් සෑම රටකම කොරෝනා වෛරසය ව්‍යාප්ති ආශ්‍රිත සිදුවීම්,මරණ සහ පරීක්ෂණ වාර්තා විමර්ශනය කර තිබේ.
     
    අමෙරිකාව අසාර්ථක රටක් ලෙස නම්කර ඇත.
     
    ලෝවි ආයතනය නිකුත් කර ඇති වාර්තාවට අනූව, අමෙරිකාවට හිමිව ඇත්තේ 94 වැනි ස්ථානයයි. 86 වැනි ස්ථානයේ පසුවන්නේ අසල්වැසි ඉන්දියාවයි.
     
    චීනය තක්සේරු ගත කිරීම සඳහා යොදා ගෙන නොමැති අතර එරටින් ප්‍රසිද්ධියේ ලබා ගත හැකි පරීක්ෂණ දත්ත අඩුවීම ඊට හේතුව බව ලෝවි ආයතනය සඳහන් කරයි.
     
     
    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.