24 C
Colombo
Sunday, June 20, 2021
More

    Latest Posts

    ෆිට්නස් නැති ක්‍රීඩකයන් පිට්ටනියට යවන්නේ නෑ ගෙදර යවනවා ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා

    - Advertisement -

    “ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ විනය හොඳම මට්ටමේ තියෙන්න ඕනේ. හැබැයි එක්කෙනෙක් දෙන්නෙක් ඉන්නවා බොරු හදලා මඩ ගහන්න බලාගෙන. අර පසුගිය දිනවල වෛද්‍ය

    වරියක් අල්ලාගෙන කරපු කතාව සම්පූර්ණ මඩ ප්‍රචාරයක්. ක්‍රිකට් මැනේජර් කියනවා කිසිම විනය කඩවීමක් වෙලා නෑ කියලා. ඒ කතාව ගොතපු කෙනා තරහටයි ඔය වැඩේ කළේ. වැස්සකටවත්

    - Advertisement -

    දුවලා නෑ. මෙහෙම බොරු ප්‍රචාර කළාම තමන්ගේ රට කඩා වැටෙන්නේ කියන එක දන්නේ නැද්ද. අපි අපේ උතුම් රටට ආදරය කළ යුතුයි”

    ශාරීරික යෝග්‍යතාව නිසි ලෙස නැති ක්‍රීඩකයන් ක්‍රීඩා පිටියට නොව වහාම ගෙදර යැවීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතා පවසයි. ශාරීරික යෝග්‍යතා පරීක්ෂණ ක්‍රීඩකයන්ට අවශ්‍ය විදිහට නොව නිසි ප්‍රමිතියට සිදු විය යුතු බව ක්‍රිකට් සභාපතිවරයා අවධාරණය කළේය.

    “ෆිට්නස් ටෙස්ට් එක ක්‍රීඩකයන්ට ඕන විදිහට කරන්නේ නෑ. ඒක තියෙන ප්‍රමිතිය හැටියට වෙන්න ඕනේ. ෆිට්නස් ටෙස්ට් එක පාස් වුණේ නැත්නම් කරන්න දෙයක් නෑ. ගෙදර තමයි. ක්‍රිකට් ෆිට්නස් සම්බන්ධයෙන් ලෝකේ පිළිගත් ක්‍රමවේදයක් තියෙනවා. ඔක්කෝටම කලින් ෆිට්නස් තියෙන්න ඕනේ. හොඳම ට්‍රේනර් කෙනෙක් ගෙනල්ලා ෆිට්නස් පිළිබඳ අවධානය යොමු කළ එක අපි ගත්ත වැදගත්ම ලොකුම තීරණයක්“ ශම්මි සිල්වා මහතා ‘දිනමිණ’ට පැවසීය.

    - Advertisement -

    ජාතික ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සහ පුහුණුකරුවන්ගේ ප්‍රගතිය මෙන්ම ක්‍රිකට් සංවර්ධන කටයුතු අධීක්ෂණය කිරීමේ අරමුණින් ක්‍රීඩා හා තරුණ කටයුතු ඇමැති නාමල් රාජපක්ෂ මහතා පත්කළ සිව් පුද්ගල ක්‍රිකට් තාක්ෂණික උපදේශක කමිටුව ඉතා යහපත් තීරණයක් බව සිල්වා මහතාගේ අදහස වී ඇත. එහි සභාපති අරවින්ද ද සිල්වා මහතා හා එම කමිටුවේ සාමාජිකයන් වූ රොෂාන් මහනාම, කුමාර් සංගක්කාර හා මුත්තයියා මුරලිදරන් යන හිටපු ප්‍රවීණ ක්‍රීඩකයන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුව වෙනුවෙන් වැදගත් තීරණ රැසක් ඉදිරියේදී ගනු ඇතැයි ඒ මහතා විශ්වාසය පළ කළේය.

    “ක්‍රිකට් එක භාර දෙනවා මේ හතර දෙනාට. අප අවශ්‍ය සියලු පහසුකම් දීමට ක්‍රියා කරනවා. ක්‍රිකට් කමිටුවට තේරීමේ වරදක් ඇත්නම් ඒවා හොයන්න පුළුවන්. අභ්‍යාසකයෝ, පුහුණුකරුවෝ වගේ අයගේ කටයුතු හොයා බලන්න ඔවුන්ට පුළුවන්. ඇමැතිතුමා ගත් හොඳම තීන්දුවක්. ඉදිරියේදී හොඳ දෙයක් වෙනවා ස්ථීරවම. ක්‍රිකට් කමිටුව ක්‍රීඩකයන්ට දිරි ගැන්වීමේ ගෙවීම් ක්‍රමවේද හදලා දුන්නාම ක්‍රියා කරනවා”

    “කොරෝනා නිසා එංගලන්ත සංචාරයෙන් අමෙරිකානු ඩොලර් මිලියන දෙකක් විතර අහිමි වුණා. තරගාවලි කිහිපයක් නිසි ලෙස පවත්වන්න බැරි වුණ නිසා විශාල මුදලක් පසුගිය වසරේ අහිමි වුණා. ඒත් අපි කොහොම හරි විකාශන අයිතිය වෙනුවෙන් සමාගමක් හොයා ගත්තා. රටවල් කිහිපයක්ම කොරෝනා නිසා බංකලොත් වෙද්දී අප වැටෙන්නේ නැතිව සිටියා. ඒක අපේ පරිපාලන දක්ෂතාවක්. එල්පීඑල් තරගාවලියේ දෙවැනි අදියර අගොස්තුවේදී ගහනවා, ටී ටෙන් එකක් ගහනවා දෙසැම්බර්වල, ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය පවත්වන්න ජුනිවල බලාපොරොත්තු වෙනවා. ඒ තරගාවලියට ඉන්දියාවත් එනවා. ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපතිතුමා තරගාවලිය ශ්‍රී ලංකාවේ පැවැත්වීමට කැමැත්ත පළ කළා” සිල්වා මහතා පැවසීය.

    - Advertisement -

    ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය පිළිබඳ මේ දිනවල වැඩි කතාබහක් ඇතිව තිබෙන අතර, නාමයෝජනා කැඳවීම ආරම්භ වී තිබේ. නාමයෝජනා භාර ගැනීමේ අවසන් දිනය මේ 24 වැනිදායින් අවසන් වන අතර, නිලවරණයය මැයි මස 20 වැනිදා ක්‍රීඩා අමාත්‍යාංශයේ ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිතය.

    “ගොඩක් අය ඉන්නවා ක්‍රිකට් ආයතනයට එන්න බලාගෙන. ඇතැම් අය ඉන්නවා පාර්ලිමේන්තුවත් පැරදිලා ක්‍රිකට් ආයතනයට එන්න හිතාගෙන. ඒ අයට ඡන්දෙන් එන්න බැරි නිසා පැරෂුට් ක්‍රමයට එන්න බලනවා අතුරු

    කමිටුවක් දාලා. තවම ප්‍රතිවාදියෙක් ගැන හිතා ගන්න බෑ. කවුරු ආවත් කමක් නෑ. සාමාජිකයෝ දන්නවා කවුද වැඩකළේ කියලා. කවුරු ආවත් හොඳ පාඩමක් උගන්වයි අපේ සාමාජික සංගම්. කොරෝනා කාලේ ක්‍රීඩකයන්ට, ඒ වගේම ක්‍රීඩා සමාජවලට පඩි ගෙවා ගන්න බැරි තත්ත්වයකට ආවා. අප සියලු සංගම්වලට ඒ වෙලාවේ උදව් කළා. එයට අමතරව ග්‍රවුන්ඩ්ස් හදලා දුන්නා. ගෘහස්ථ තණතිලි හදා දුන්නා. පුළුවන් හැම උදව්වක්ම කළා. ගිය සැරේ මට ඡන්ද දුන්නේ නැති කෝල්ට්ස්, බී.ආර්.සී එකටත් සල්ලි දුන්නා. මේක අයිති ක්‍රීඩා සමාජවලට. ක්‍රිකට් ගහන ක්‍රීඩා සමාජවලට උදව් කළ යුතුයි. කෝල්ට්ස්වලට මිලියන 20ක් දුන්නා. බී.ආර්.සී එකටත් දුන්නා. එහෙම බැලුවාම තේරෙනවානේ උදව් කරන්නේ ඡන්ද බලාගෙන නොවෙයි කියලා. පාසල් ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් අපේ කාලයේ තමයි වැඩිම මුදල් වැය කළේ. අහලා බලන්න පාසල් සංගමයෙන්. ඉදිරියේදීත් පාසල් සංගමයට උදව් කරනවා. මොකද පාසල් ක්‍රිකට් ක්‍රීඩාව නඟා සිටුවීම ඉතාම වැදගත්”

    “‍කොරෝනා අර්බුද මැද ගහපු එල්පීඑල් එකෙන් රටක් ලෙස විශාල ජයග්‍රහණ ලැබුණා. එක පැත්තකින් අපේ සංචාරක ව්‍යාපාරයට ආකර්ෂණයක් ඇති වුණා. අනෙක් පැත්තෙන් කොරෝනා නිසා ඇති වූ මානසික ආතතිය නැති කරන්න පුළුවන් වුණා. මේ තරගාවලිය ශ්‍රී ලංකා ක්‍රිකට් එකට අවාසියක් වෙන්නේ නැතිව සාර්ථකව කළා. මේ ගනුදෙනු සියල්ල විගණනය කරනවා. වසරකට වරක් අපගේ විගණන සමාගමක් විගණනය කරනවා ඊට පස්සේ රජයේ විගණනයටත් යටත් වෙනවා” ශම්මි සිල්වා මහතා පැවසීය.

    “එල්පීඑල් එක භාර දුන්න රවීන් වික්‍රමරත්න මහත්තයා තරග පාවා දුන්න කෙනෙක් කියලා බොරු රාවයක් යැව්වා. අපි බලමුකෝ එහෙම කියන්නේ කවුද කියලා. සල්ලි අරන් රට පාවා දුන් අයනේ. සමහරු සල්ලිවලට තරග පාවා දුන් අය, රවීන් වගේ අති දක්ෂයෙක් වැඩ කරනවා බලන් ඉන්න බැරි කුහකයෝ ටිකක් අවලාද නගනවා. එයාගේ වැඩවලට ඊර්ෂ්‍යා කරන අය දොස් කියන්නේ. ඔය කියන චෝදනා සම්බන්ධයෙන් අයිසීසී එකටත් ඒගොල්ලෝ ලිව්වානේ. අයිසීසී එක පැහැදිලිව කිව්වා කිසිම තරග පාවාදීමක් රවීන් අතින් වෙලා නෑ කියලා. අයිසීසී එක එහෙම කියනවා නම් මේ අයගේ කතා කුණු කූඩයට ගිහින් ඉවරයි”

    ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ විනය ඉතා උසස් අයුරින් පවත්වාගත යුතු බව තමන් තදින් විශ්වාස කරන බව ක්‍රිකට් සභාපතිවරයා පැවසීය.

    “ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ විනය හොඳම මට්ටමේ තියෙන්න ඕනේ. හැබැයි එක්කෙනෙක් දෙන්නෙක් ඉන්නවා බොරු හදලා මඩ ගහන්න බලාගෙන. අර පසුගිය දිනවල වෛද්‍යවරියක් අල්ලාගෙන කරපු කතාව සම්පූර්ණ මඩ ප්‍රචාරයක්. ක්‍රිකට් මැනේජර් කියනවා කිසිම විනය කඩවීමක් වෙලා නෑ කියලා. ඒ කතාව ගොතපු කෙනා තරහටයි ඔය වැඩේ කළේ. වැස්සකටවත් දුවලා නෑ. මෙහෙම බොරු ප්‍රචාර කළාම තමන්ගේ රට කඩා වැටෙන්නේ කියන එක දන්නේ නැද්ද. අපි අපේ උතුම් රටට ආදරය කළ යුතුයි” ශම්මි සිල්වා මහතා පැවසීය.

     ප්‍රින්ස් ගුණසේකර

     ප්‍රින්ස් ගුණසේකර

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.