24 C
Colombo
Sunday, June 20, 2021
More

    Latest Posts

    ක්‍රිකට් ව්‍යවස්ථාවක් සකසන්නැයි රීට් පෙත්සමට කරුණු කියන්න ක්‍රීඩා ඇමැතිට නොතිසි

    - Advertisement -

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මීළඟ නිලවරණයට පෙර නව ක්‍රිකට් ව්‍යවස්ථාවක් සකසන්නැයි ඉල්ලා හිටපු ටෙස්ට් ක්‍රීඩයකයන් හා සිවිල් ක්‍රියාකාරීන් පිරිසක් ගොනු කළ රිට් පෙත්සමක් සම්බන්ධයෙන් කරුණු දැක්වීමට මාර්තු 15 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා සහ එහි විධායක කමිටුවට නියෝග කරමින් අභියාචනාධිකරණය ඊයේ (15) නොතීසි නිකුත් කළේය.

    වත්මන් ක්‍රිකට් ව්‍යවස්ථාව තුළ ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයට දේශපාලන සහ බාහිර බලපෑම් දැඩි ලෙස එල්ල වන බැවින් කඩිනමින් නව ව්‍යවස්ථාවක් සකස් කළ යුතු බවට මෙම පෙත්සම මගින් පෙන්වා දී ඇත.

    - Advertisement -

    අභියාචනාධිකරණ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර සහ විනිසුරු මායාදුන්නේ කොරයා යන මහත්වරුන් හමුවේ මෙම පෙත්සම කැඳවිණි.

    එහිදී කරන ලද මූලික කරුණු දැක්වීම සැලකිල්ලට ගත් විනිසුරු මඩුල්ල මෙලෙස නොතීසි නිකුත් කළේය.

    හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයන් වන මුත්තයියා මුරලිදරන්, සිදත් වෙත්තමුණි මයිකල් තිසේරා, ජනාධිපති නීතිඥ ඩිනාල් පිලිප්ස්, විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සලීම් මර්ෂුප්, ආචාර්ය පාලිත කොහොන, හිටපු බැංකු සභාපතිවරයකු වන රියන්සි විජේතිලක, තිලාන් විජේසිංහ, විජය මලලසේකර, ආනා පුංචිහේවා, ගුණ ජය සතුට පදනමේ සභාපති කුෂිල් ගුණසේකර යන අය විසින් මෙම පෙත්සම ගොනු ඇත.

    - Advertisement -

    ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ, ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා, උප සභාපතිවරුන් වන රවීන් වික්‍රමරත්න, ජයන්ත ධර්මදාස , තිලක් වත්තුහේවා සහ ලේකම් මොහාන් ද සිල්වා යන මහත්වරුන් ඇතුළු පිරිසක් වගඋත්තරකරුවන් ලෙස නම් කරනු ලැබ සිටිති. මෙම පෙත්සම ලබන මාර්තු 15 වැනිදා කැඳවේ.

    නෙල්කා මැදගෙදර

    The article first published on dinamina.lk ⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.