24 C
Colombo
Sunday, May 16, 2021
More

    Latest Posts

    රනිල් සජිත් හමුවක්

    - Advertisement -

     

     

    - Advertisement -

    විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ එක්සත් ජාතික පක්ෂයේ නායක, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉකුත් සතියේ හමුවී දේශපාලන පළිගැනීම් කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් සාකච්ඡාවක් සිදු කර ඇත.

    මේ සාකච්ඡාව හිටපු ඇමැති මලික් සමරවික්‍රම මහතාගේ නිවසේදී පවත්වා ඇති අතර මෙම නායකයන් දෙදෙනා හමුවීම සිදු කර ඇත්තේ දේශපාලන පළිගැනීම් කොමිසමේ වාර්තාව සම්බන්ධයෙන් ඉදිරියේදී කටයුතු කරන ආකාරය පිළිබඳ පමණක් සාකච්ඡා කිරීමට බව එහි ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

    දේශපාලන පළිගැනීම් කොමිසමේ වාර්තාවෙහි විපක්ෂනායකවරයා වන තමන්ගේ නම සඳහන්ව නැතත් රජය විපක්ෂයේ මන්ත්‍රීවරුන් ගණනාවකටම ඉන් බලපෑම් කිරීමට සූදානමින් සිටින නිසා විපක්ෂ නායකයා වශයෙන් ඔවුන් සියලු දෙනාම වෙනුවෙන් තමන්ගේ වගකීම උපරිමයෙන් ඉටු කිරීමට පියවර ගන්නා බව මෙහිදී විපක්ෂනායකවරයා අවධාරණය කර ඇත.

    - Advertisement -

    සුභාෂිණී සේනානායක

    The article first published on dinamina.lk ⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.