24 C
Colombo
Friday, February 26, 2021

දුම්රිය ටිකට් පත්වලට ජපානයෙන් කඩදාසි

Author(s): සුභාෂිණී සේනානායකදුම්රිය ප්‍රවේශ පත්‍ර සඳහා යොදා ගන්නා ඝනකම් කඩදාසි මිලියන 30ක් ජපානයෙන් ගෙන්වීමට පියවර ගත් බව දුම්රිය සාමාන්‍යාධිකාරි ඩිලන්ත ප්‍රනාන්දු මහතා දිනමිණට ඊයේ (25)...
More

    Latest Posts

    අජීවී දෑ සජීවී කළ දිනුරට පුංචි ලෝකාන්තයේදී සිදුවූයේ කුමක්ද?

    - Advertisement -
    පෙබරවාරි 18, 2021

    දිනුර අවසන් වරට ත්‍රීමාණ සජීවිකරණය කරනු ලැබුවේ වොයිස් ශ්‍රී ලංකා වැඩසටහනේය.

     

    - Advertisement -

    පසුගිය සතියේ මහත් ආන්දෝලනාත්මක සිදුවීමක් වූයේ මඩොල්සිමදී සිරස නාලිකාවේ සේවය කළ අප සහෘදයකුගේ අතුරුදන්වීමය. ඔහු දිනුර විජේසුන්දරයි. නොසිතූ අන්දමින් දිවියෙන් සමුගත් ඔහු පිළිබඳ ඔහුගේ සමීපතමයකු වන සිනමා ටෙලි කලා අධ්‍යක්ෂ, වර්තමානයේ සිරස ස්ටයින් මැදිරියේ ප්‍රධාන කලා අධ්‍යක්ෂ සහ පසුතල නිර්මාණ ශිල්පී ඩොරික් සමරසුන්දර තම මිතුරාගේ මතකයන් සමඟ ඔහුගේ නිසල සිරුර සොයා මඩොල්සිම ගිය ගමන මෙසේ සටහන්වේ..

     

    ඔහු මට කලණ මිතුරෙක්ම විය. ඒ බැඳීම සහෝදර බැඳීමක් හා සමාන‍ය. ඒ සොඳුරු මිත්‍රයා අකාලයේ මේ ජීවිතයෙන් සමුගනීවියැයි කෙදිනකවත් මම නොසිතුවෙමි. නමින් දිනුර විජේසුන්දරය. ඔහු සිරස ටීවී ආයතනයේ. ඔබ හොඳීන් දැන හඳුනන මේ දිනවල ඉතාම ජනප්‍රිය වොයිස් ශ්‍රී ලංකා ඇතුළු වැඩසටහන් රැසක් ත්‍රිමාණ සජීවීකරණය කර දුන්නේ ඔහුය. වසර තිස් හතරක් ලබද්දී ඒ වයසටත් වඩා වැඩ කළ දිනුර නොසිතූ පරිදි අප අතරින් සමු ගත්තේ නාළිකාවට ද කඩිසර පුද්ගලයෙකු අහිමි කරමිනි. සිරස ටීවී ආයතනයේ ග්‍රැෆික් ඩිසයින් ඒකකය මෙහෙය වන සිසිල් රත්නායක, දිනුර බඳවා ගන්නේ දෙපානම පිහිටි සිරස ආයතනයටය. ඒ 2008 වසෙර්ය. එදා සිට දිනුර මිය යන තෙක් එහි සේවය කළේය. රත්මලානේ පිහිටි ස්ටයින් මැදිරි සංකීර්ණයේ සිරස ටීවී ආයතනයේ රියැලිටි වැඩසටහන්, සාමාන්‍ය වැඩ සටහන් සහ දැවැන්ත වැඩසටහන් සඳහා යෝධ වීඩියෝ තිර සඳහා, ග්‍රැපික් නිර්මාණ හා ත්‍රිමාණ සජීවිකරණය කරනු ලබන්නේ දිනුරලාගේ ග්‍රැෆික් එකකය තුළිනි. එහිදී ඔහු ලබා දෙන දායකත්වය අප්‍රමාණය

    - Advertisement -

    දිනුර අවසන් වරට ත්‍රීමාණ සජීවිකරණයක් කරනු ලැබුවේ වොයිස් ශ්‍රී ලංකා වැඩසටහනේය.

    දැනටමත් විකාශනය වන වෙළෙඳ දැන්වීම් අතර ඵචථඡධතඥ.තඬ හි මිහිර සිරිතිලක ඇලඩින් ලෙස සජීවිකරණය කිරීම දිනුරගේ හපන්කම්‍ ය. එමෙන්ම, සිරස ටීවී නිෂ්පාදනය කළ ඩාන්සින් ස්ටාර් චිත්‍රපටයටද කණ්ඩායමක් ලෙස නිර්මාණ දායකත්වය ලබා දෙන්නට ඔහුට හැකිවිය. සිරස කුමරිය, සිරස වෙසක් කළාප, අවුරුදු උත්සවවලදී තේමා නිර්මාණ ආදී එකී නොකී සෑම සිරස නිර්මාණයකටම ඔහුගේ දායකත්වය ලබා දුන්නේය. සටන, ටචජඥ බඩඥ දචබඪධද ඥබඩඪපධතතර වැනි භාෂා 03න් විකාශනය වන දේශපාලන වැඩසටහන් සඳහාද ඔහුගේ ත්‍රීමාණ සජීවීකරණය මොනවට කැපී පෙනුනේය.

    දිනුර විවාහ වෙන්නේ 2017 දීය. ඇගේ බිරිය නීතීඥවරියකි. දීර්ඝ කාලීන ප්‍රේම සම්බන්ධයක් තිබු බැවින් ඇය සමඟ විවාහ වූ බව ඔහු ප්‍රකාශ කෙරුවේ මහත්වූ සෙනෙහසිනි. දිනුරට ඇගේ මව හැරුණු කොට සිටියේ තම වැඩිමහල් සහෝදරයා පමණී. ඔවුන් සියලු දෙනාම ජීවත් වූයේ මග්ගොන පිහිටි පෞරාණික දැවැන්ත නිවසේය.

    - Advertisement -

    පෙබරවාරි 06 දින උදාවිය. පස්සර, මඩොල්සිම පිහිටි පුංචි ලෝකාන්තය බැලීමට එදින දිනුර යොදාගත්තේ එය කලක සිට පෙරුම් පිරූ ගමනක් නිසාය. ඔහු ඒ පිළිබඳ තම ආයතනයටත් නොකියා තිබීම දිනුර කළ වරදක් බව මට සිතේ.. දුර ගමන් යෑම සහ බැහැර ගොස් පිරිසක් සමඟ එකතු වී කටයුතු කිරීම ස්ටයින් ආයතනය තහනම් කර තිබූ බැවිනි. ඒ වර්තමානයේ පවතින කොවිඩ් තත්ත්වය නිසාය.

    දිනුර මෙම චාරිකාව යන්නේ ඔහුගේ යාළු මිත්‍රයන් දෙදෙනෙකු හා තවත් තරුණ වෛද්‍යවරුන් 06 දෙනෙකු හා තවත් යහළුවන්ගේ මිත්‍රයන් 03 දෙනෙකු සමඟය.

    ඔවුන් ගමන් ගන්නා වාහන සඳහා යොදාගන්නේ දුෂ්කර මාර්ගයක ගමන් කළ හැකි ජිප් රථයක් හා ඩිමෝ ලොරි රථයකි.

    පෙබරවාරි 06 වෙනි දින දහවල් මඩොල්සිම පුංචි ලෝකාන්තය වෙත ළඟාවන දිනුරලා එහි සුන්දරත්වය විදීමට රාත්‍රිය ගත කරන්නේ පුංචි ලෝකාන්තය දර්ශන පථය අසළම තැනිතලාවේය. ඔවුන් කූඩාරම් දෙකක් එහි ගසා රාත්‍රිය ගත කරන්නේ මධුවිතක් තොල ගාමින් විනෝද වෙමින් ගී ගයමිනි. දිනුර සංගීතයට ළැදිය එහෙයින් මේ වගේ ගමනකදී ගී ගැයීමට සහ ගිටාර් වාදනයට අවස්ථා උදා වෙන්නේ ඔහුටය. දිනුර ඒ වගකීම මනාව ඉටු කළේය.

    එදින රාත්‍රියේ ද ගී ගයමින් විනෝද වෙමින් ඔවුන් ගතකළ බව චාරිකාව සඳහා ගිය වෛද්‍යවරුන් ඇතුළු පිරිස පැවසූහ. දැඩි සීතලක් සහ දැඩි මීදුමක් පැවතී බවත්, මධුවිතින් සප්පායම් වුණ පිරිසෙන් දැඩි සීතල දරාගත නොහැකි වූ කිහිපදෙනෙකු දිනුර සමඟ ජිප්රථය හා ලොරි රථය නවතා තිබු තැනට රාත්‍රී 9.30ට පමණ ගිය බව චාරිකාවට සම්බන්ධ තවත් අයෙක් පවසයි. ඔවුන් එහි නවතා දිනුර නැවත කූඩාරම වෙත පැමිණ විනෝද වී එක් කූඩාරමක චාරිකාවට සම්බන්ධ දිනුරගේ හොඳම මිතුරෙක් හා තවත් මිතුරෙක් සමඟ රාත්‍රී 12.30ට පමණ නිදාගත් බව එම මිතුරා පවසයි.

    මිතුරා රාත්‍රී සීතලට අවදි වී බලද්දී දිනුර නොසිට ඇත. පාන්දර 03.00 පමණ තෙක් දිනුර සෙවූවද ඔහුට දිනුර හමුවී නැත.

    අතුරුදහන් වී සිටි දිනුරගේ පිටේ එල්ලාගෙන යන බෑගයත්, සුදු පැහැති කැප් එකත්, ජංගම දුරකථනයත් දිනුරගේ එක් සෙරෙප්පුවක් හා තවත් කෙනෙකුගේ රබර් පටි සෙරෙප්පුවක් දිනුර දමාගෙන ගොස් ඇති බව කූඩාරමේ සිටි මිතුරා වැඩිදුරටත් සඳහන් කරයි.

    සියලුම තැන් සෝදිසි කළද, දිනුර හමුවී නැත. මේ ආරංචිය කන වැකුණු සැනින් මම වහ වහා එහි ගියෙමි. පෙබරවාරි 07 වැනි දින පාන්දර මඩොල්සිම පොලිසිය හා හමුදාව එක්ව දිනුර සොයා මෙහෙයුම ආරම්භ කරන්නේ මෙතැන් සිටය. දිනුර විජේසුන්දර පණපිටින් සොයා ගැනීම අරමුණු කරගෙන සියලුම සෝදිසි මෙහෙයුම් පොලිසිය හා හමුදාව එක්ව පෙබරවාරි 07 වෙනි දින කරගෙන යන අතරතුර එහි කටයුතු බාර කපිතාන් මදුරාවෙලට මඩොල්සිම පුංචි ලෝකාන්තයේ දර්ශන පථයේ සිට මීටර් 200ක දුරින් පමණ පිහිටි අනාරක්ෂිත බෑවුමක අඩියක් පමණ ස්ථානයක යම් සළකුණක් හසුවිය. ඔවුන් ඒ ඔස්සේ විශේෂ මෙහෙයුම් බලකාය කැඳවා එම ස්ථානයට බැසීමට කටයුතු කළ අතර දැවැන්ත බට යොදා කඹ ආධාරයෙන් විශේෂ බලකායේ සෙබළුන් ප්‍රපාතයේ අඩි 300 පමණ බසින විට තවත් ගල් පර්වතයක් හසු විය. දැඩි මීදුමක් සහ සීතලක් සහිත එම බෑවුමේ ඊටවඩා බැසීම අනාරක්ෂිත බව හා ඉදිරිය නොපෙනීම නිසා හා විටින් විට ඇති වූ වර්ෂාව නිසා නැවත ඉහළට ආ විශේෂ බලකා සෙබළුන් එදින බැසීම නවතා එම පර්වතයේ පාමුල පිහිටි බිබිල කොටගම ප්‍රදේශයේ ජල පොම්පාගාරය අසළින් කි.මි. 03ක් 04ක් පිහිටි ප්‍රදේශයට පැමිණියද අධික මීදුම හේතුවෙන් ගමන් මාර්ගය නොපෙනී යන බැවින් සහ ගමනාන්තය අවදානම් බැවින් සවස සෝදිසි මෙහෙයුම් නවතන ලදී.

    නැවත දෙවෙනි දින විශේෂ බලකා සෙබළුන් ප්‍රමාණය දෙගුණ තෙගුණ කොට තිබුණි. දැඩි මීදුම් තත්ත්වය නොතකා ඔවුන් මඩොල්සිම පුංචි ලෝකාන්තයේ පහළට බසින්නේ ආරක්ෂිත කඹ ආධාරයෙනි. ටී 56 තුවක්කු සහ මීදුම් කපාගෙන යාම සඳහා ටෝච් ද ඔවුන් අත තිබෙනු මම දුටුවෙමි. ප්‍රපාතයේ යම් ස්ථානයක් අවදානම් බව හා ඉන් එහාට කඹයෙන් යා නොහැකි බව ක්‍රියාන්විතය මෙහෙය වූ බ්‍රිගේඩියර් පවසන්නු යාන්තමට ඇසින.

    එතෙක් මෙතෙක් යුද ඉතිහාසයේවත් නොකළ ක්‍රියාන්විතයක් දිනුර සොයා ගැනීමේ මෙහෙයුම වෙනුවෙන් යුද හමුදාවේ විශේෂ බලකාය ක්‍රියා කිරීම පැසසුම් සහගතය.

    ඔවුන්ගේ සහායට දිනුරගේ හිතාදර මිත්‍ර ප්‍රදීප් හා බුද්ධික රැගෙන කැමරාවේ දර්ශන උපකාරයට ගන්නේ පටිගත වූ දර්ශන ලැප්ටොප් එකක් මාර්ගයෙන් බලාගැනීමෙනි.

    බ්‍රිගේඩියර් මහලේකම් පුදුම සහගත පුද්ගලයෙකි. ක්‍රියාන්විතය ඔහුගේ සෙබළුන්ගේ චිත්ත ශක්තිය ඇති කරමින් ඔවුහු හැම විටම දිරි ගන්වමින් ක්‍රියා කළෝය. විටෙක ඔහු ප්‍රපාතයට බිම දිගා වී තම සෙබළුන්ගේ මෙහෙයුම බලා සිටී. ඔහුගේ ආරක්ෂාවට උඩ සිටින පිරිස ඔහුගේ කලිසමේ ඉණ පටියෙන් ඇදගෙන සිටියේය. බ්‍රිගේඩියර්වරයාගේ ඊළඟ අණ වූයේ බිබිල කොටගම සිට සෙබළුන් යැවීමයි. ඉහළ සිට ක්‍රියාත්මක කළ මෙහෙයුම නවතා දැමු අතර, පහළද දැඩි වර්ෂාව හා මීදුම නිසා සෙබළුන්ගේ ආරක්ෂාව සළකා බලා සවස එයද නවතා දැමීය. පහළ සිටි සෙබළුන් කි.මි. 03/04ක් නැවත ගෙවා පුංචි ලෝකාන්තය දෙසට පැමිණ විසිර ගියහ.

    තුන්වන දිනය කාගේත් බලාපොරොන්තු සහගත දිනයයි. අද දිනුර අපි හොයාගන්නවාමයි යන දැඩි අධිෂ්ඨානයෙන් හැමෝම තුළ විය. මමද එලෙස පැතුවෙමි. දිනුර කොහේ හෝ නිරුපද්‍රිතව ඇතැයි මගේ විශ්වාසය විය. ට්ධ්පයිප්ප බට දෙකක් හා බොලොක්කයක් රැගෙන ඩීමෝ බට්ටා රථයකින්ම අප පුංචි ලෝකාන්තය බලා පිටත් විය. එවිටත් යුද හමුදා බලකායේ බ්‍රිගේඩියර් මහලේකම් , කැප්ටන් අනුර, කැප්ටන් මදුරාවල, කැප්ටන් සංජීව, ඇතුළු පිරිස මෙහෙයුම ආරම්භ කර තිබුණි. අප රැගෙන ගිය පයිප්ප බට ඔවුන්ට කඹය දමා ගැනීම සඳහා යොදා ගත් අතර කැමරාවක් පහළට බසින සෙබළුන්ගේ ආම්පන්න අතර, සවිකර ක්‍රියාත්මක කරන ලදි.

    අප හැමදෙනාගේම ප්‍රාර්ථනය අනුව එදින වර්ෂාව නම් නොවීය. කාලගුණය පැහැබර විය. දැඩි මීදුමක් තිබුණද විටින් විට ඉතා පැහැදිලි දර්ශනයක් ප්‍රපාතය තුළින් දිස්විය. උඩින් යටින් දෙකෙන්ම මේ වන විට සෙබළුන් ක්‍රියාතක්මක වී තිබුණි. පැහැදිලි දර්ශනය ඔවුන්ගේ මෙහෙයුම් වලට ඉතා ප්‍රයෝජනවත් වී තිබුණි. බිබිල ප්‍රාදේශීය වාර්තාකරු නිව්ස් ෆර්ස්ට් හා ස්වාධීන රූපවාහිනි බිබිල වාර්තාකරුවෝ දින දෙකතුනේම ඉහළ රැදී සිටියෝය. නිව්ස් ෆර්ස්ට් වාර්තාකරු ආනන්ද වීරසිංහගේ අතැති කැමරාව සෙබළුන්ගේ සොයාගැනීම්වලට මහඟු උපකාරයක් විය. පැහැදිලි වූ විගස හැම විටම ආනන්දගේ කැමරාවෙන් රූප ග්‍රහණය කරගන්නා ලදී. ආනන්දගේ වයසත් සමඟ දිගාවී රූප ග්‍රහණයට අපහසු වූ බැවින් දිනුරගේ මිත්‍ර ඉන්දක බිම දිගා වී ආනන්දගේ කැමරාව ගෙන මනාව රූප ග්‍රහණය කරගන්නා ලදී.

     

    ඒ සමඟම සියලු දෙනාට බලාපොරොන්තු ඇති කරමින් පහළ සිට බ්‍රිගේඩියර්වරයාට ඇමතුමක් ලැබී තිබුණී. අප හැමෝගෙම බලාපොරොන්තුව දිනුර ජීවත්ව සිටිනවාදැයි යන්නයි. නමුත් එය සුන්වූ එකක් බව අපට සිතින. බ්‍රිගේඩියර්වරයා පවසන්නේ ගල් දෙබොක්කාවක සිරවී සිටින දිනුරගේ මළ සිරුර හමූවූවා යන්නයි. මගෙ නෙතටද කඳුළු ආවේය. එවිට ඉන්දක ද හඬන්නට පටන් ගත්තේය. මිතුරු දිනුරගේ දේහය ගල් දෙබොක්කාවක සිරවී තිබිණ. එය රැගෙන ඒමද දුෂ්කර කාර්යයක් බව පැවසූ බ්‍රිගේඩියර්වරයා 20 ක පමණ සෙබළ බලඇණියක් දේහය හමුවූ ස්ථානයට පිටත් කර හැරීය. තවදුරටත් මඩොල්සිම පුංචි ලෝකාන්තයේ රැදී සිටි පිරිස විසිර ගිය අතර, පැය 03ක් 04ක මෙහෙයුමකින් දේහය බිබිල කොටගම ජල විදුලි බලාගාරයට දෙසට රැගෙන ඒමට සූදානම්ව සිටියද රාත්‍රී 7.30වන විටත් එය රැගෙන ඒමට නොහැකි බව කැළෑවේ රැදී සිටි සෙබළුන් කැප්ටන් මදුරාවලට දැන්වීය. එදින දේහය රැගෙන ඒම රාත්‍රියේදි දුෂ්කර බැවින් කැළෑවේ රැදී සිටි සෙබළුන් දේහය රැගෙන ඒම පසුදින උදෑසනට කල් දැමීය.

    පසුදින උදෑසන සෙබළුන් විසින් පොලිතීන් බෑගයක සීල් කරන ලද මා මිතුරු දිනුරගේ දේහය දහවල් 1.55 පමණ බිබිල පොලිසියේ ඕඅයිසී වරයාට බාරදී තිබිණ. බිබිල සහකාර ප්‍රා. ලේකම්වරියට හා ග්‍රාමසේවකවරයා හරහා මඩොල්සිම පොලිසියට භාර දී අවමංගල රථයකින්ම මඩොල්සිම පොලිස් ආරක්ෂාව යටතේ බදුල්ල රෝහලේ මෘත ශරීරාගාරයට බාර දෙන විට සවස 05.00 පමණ වී තිබුණි. පීසීආර් පරික්ෂණය එදිනම කර වාර්තාව පසුදින ලබාගැනීමේ අරමුණින් හා පශ්චාත් මරණ පරික්ෂණය පසු දිනට එකතු කරමින් අප කොළඹ බලා පිටත්වීමට තීරණය කළෙමු. දිනුරගේ හදිසි වියෝවීම මට හිතා ගන්නට බැරි ය. එහෙත් ඒ මිතු දම කෙළවර වී තිබේ. මතු සසරේ මෙවන් අකල් මරණයක් නො වීමට මම ප්‍රාර්ථනා කරමි. එහෙත් දිනුරගේ මරණය කරා අන්දමක මට ප්‍රශ්නාර්ථයකි. එසේම මේ පිළිබඳව සත්‍යය සොයාගැනීමට තවදුරටත් පරීක්ෂණ පැවැත්වෙන බව පවසමි.

    සිරස ටීවී ආයතනයෙහි ස්ටයින් මැදිරි සංකීර්ණයේ ප්‍රධාන කලා අධ්‍යක්ෂ සහ පසුතල නිර්මාණ ශිල්පී ඩොරික් සමරසුන්දර.

     

    ඩොරික්ගේ කතාව සටහන් කළේ

    ප්‍රසාද් සමරතුංග

     

     

    The article first published on sarasaviya.lk ⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.