24 C
Colombo
Monday, April 12, 2021

සයුරේ වාර්තා බිඳ ලූ ගුවන් විරුවා

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නායක ගුවන් භට රොෂාන් අබේසුන්දර මහතා තලෙයිමන්නාරම මුහුදු ප්‍රදේශයේ සිට ඉන්දියාවේ ධනුස්කොඩි දක්වාත් නැවත තලෙයිමන්නාරම් මුහුද දක්වාත් පිහිනා නව ආසියානු...
More

    Latest Posts

    අම්බලන්ගොඩ නාගරික මන්ත්‍රීවරයෙක් කොවිඩ් වලින් මිය යයි.

    - Advertisement -

    අම්බලන්ගොඩ නගර සභාවේ නාගරික මන්ත්‍රී ධනසේන මාදුවගේ කොරෝනා වෙවරසය ආසාදනය වීම හේතුවෙන් හම්බන්තොට රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගොස් ඇත. මිය යන විට ඔහු 63 වන වියේ පසු විය.

    ගාල්ල දිස්ත්‍රික්කය මේ වන විට කොරෝනා අවදානමකට ලක්ව ඇති ස්වරූපයක් පෙන්නුම් කරම්න් තිබෙන අතර මේ වන විට මහජනතාව සෞඛ්‍ය උපදෙස් පිළිනොපදින තත්වයක් දක්නට ඇත. විශේෂයෙන්ම ගාල්ල හික්කඩුව දොඩන්දූව අම්බලන්ගොඩ යන ධීවර වරායවල්වල කටයුතු කැමින් සිටින ධීවරයන් සෞඛ්‍ය උපදෙස් පිළිපදිනු දක්නට ලැබෙන්නේ ඉතාමත් අල්ප වශයෙනි.

    - Advertisement -

    එමෙන්ම ගාල්ල දිස්ත්‍රික්කය තුල විවෘර්තව පවතින කඩසාප්පු බොහෝමයකම මේ වන විට දෑත් සේදීමේ පහසුකම්ද දක්නට නොලැබෙන තත්වයක් දක්නට ලැබෙන අතර ඒවායේ සිටින ඇතැම් පිරිස්ද සෞඛ්‍ය නීතිරීති අනුගමනය කරනු දක්නට නොලැබේ.

    මහජනතාවට අවශ්‍ය දෑත් සේදීමේ පහසුකම්වත් අදාල සෞඛ්‍ය බලධාරීන් මැදිහත්වී ව්‍යාපාරික ස්ථාන පවත්වාගෙන යන්නන්ට සැපයීමට කටයුතු කරන ලෙස දන්වන්න යැයි ජනතාව සෞඛ්‍ය බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.

    …ගාල්ල ලක්මිණි…

    - Advertisement -

    The post අම්බලන්ගොඩ නාගරික මන්ත්‍රීවරයෙක් කොවිඩ් වලින් මිය යයි. appeared first on Lanka News Column.

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.