24 C
Colombo
Sunday, May 16, 2021
More

    Latest Posts

    දින 47ක් තුලදී කොවිඩ් මරණ 205ක් සහ ආසාදිතයින් 33,000ක්!

    - Advertisement -

    අද දිනයේදී කොවිඩ් ආසාදිතයින් 756 දෙනෙකු සහ කොවිඩ් ආසාදිත මරණ 06ක් වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කර සිටිනවා.

    මේ සමග මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 77,184ක් දක්වා ඉහළ ගොස් ඇති අතර මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 409ක් දක්වා ඉහළ ගොස් ඇත.

    - Advertisement -

    මේ වන රෝහල් ගතව සිටින ආසාදිතයින් සංඛ්‍යාව 6,346ක් වන අතර සුවය ලබා ඇති ආසාදිතයින් සංඛ්‍යාව 70,429ක් වනවා.

    ජනවාරි මස 01 වෙනිදා සිට අද දිනය දක්වා වූ දින 47ක කාලය තුලදී මෙරටින් කොවිඩ් ආසාදිත මරණ 205ක් සහ ආසාදිතයින් 33,885ක් වාර්තා වී ඇත. මෙරට ඉකුත් ඔක්තෝම්බර් මස 03 වෙනිදා සිට වාර්තා වීමට පටන් ගත් දෙවන කොරෝනා රැල්ලෙන් මේ දක්වා ආසාදිතයින් 73,157ක් සහ මරණ 396ක් වාර්තා වී ඇත.

    The article first published on colombotribune.com ⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.