- Advertisement -
ඊයේ (16) පිළියන්දල මඩපාත, බටුවන්දර ප්‍රදේශයේ දී යතුරුපැදියකින් හෙරොයින් තොගයක් ප්‍රවාහනය කරමින් සිටිය දී කොළඹ සංවිධානාත්මක අපරාධ කොට්ඨාසය විසින් සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය
දැනට බන්ධනාගාර ගතව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු විසින් එම මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා අනුබල ලබාදී ඇති බවට සැකකෙරෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය
මෙලෙස අත්අඩංගුවට ගත් හෙරොයින් ප්‍රමාණය කිලෝ ග්‍රෑම් 03 යි ග්‍රෑම් 250 ක් වේ
සැකකරු කැස්බෑව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර දින 07 ක රැදවුම් නියෝග ලබාගෙන වැඩිදුර ප්‍රශ්න කිරිම් සිදුකිරීමට නියමිතය.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 47 ක් වයසැති බටුවන්දර ප්‍රදේශයේ පදිංචි පෙදරේරුවෙකි
සැකකරු කැස්බෑව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර දින 07 ක රැදවුම් නියෝග ලබාගෙන වැඩිදුර ප්‍රශ්න කිරිම් සිදුකිරීමට නියමිතය.
The article first published on dinamina.lk ⋆෴⋆
- Advertisement -