24 C
Colombo
Monday, April 12, 2021

සයුරේ වාර්තා බිඳ ලූ ගුවන් විරුවා

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නායක ගුවන් භට රොෂාන් අබේසුන්දර මහතා තලෙයිමන්නාරම මුහුදු ප්‍රදේශයේ සිට ඉන්දියාවේ ධනුස්කොඩි දක්වාත් නැවත තලෙයිමන්නාරම් මුහුද දක්වාත් පිහිනා නව ආසියානු...
More

    Latest Posts

    Full Face Helmet තහනම ඉවතට: සියලු නඩු ඉල්ලා අස් කර ගනී!

    - Advertisement -

    සම්පූර්ණයෙන් ම මුහුණ ආවරණය වන පරිදි ආරක්ෂිත හිස්වැසුම් (Full Face Helmet) පැළඳ යතුරු පැදි පදවන යතුරු පැදිකරුවන්ට එරෙහිව නීතිමය පියවර නොගන්නා ලෙසට නීතිපතිවරයා පොලිස්පතිවරයාට උපදෙස් ලබා දී ඇති බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් පාරින්ද රණසිංහ මහතා අද අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය.

    නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා එහිදී අධිකරණයට දන්වා සිටියේ, එම චෝදනාව යටතේ මහේස්ත්‍රාත් අධිකරණ හමුවේ පවරා ඇති සියලු ම නඩු ඉල්ලා අස්කර ගන්නා ලෙසටත්, එමගින් නීතිපතිවරයා පොලිස්පතිවරයාට උපදෙස් දී ඇති බවය.

    - Advertisement -

    සම්පූර්ණයෙන් ම මුහුණ ආවරණය වන පරිදි ආරක්ෂිත හිස් වැසුමක් පැළඳ යතුරු පැදියක් ධාවනය කිරීමේ චෝදනාව යටතේ වැල්ලවාය පොලීසිය පවරා තිබු නඩුවක සැකකරුවෙකු වන නාමල් ප්‍රසංග නමැත්තෙකු විසින් ගොනු කරන ලද රීට් ආඥා පෙත්සමක් යළි කැඳවූ අවස්ථාවේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා ඒ බව දැනුම් දුන්නේය.

    2017 අංක 2 දරන මෝටර් යතුරු පැදි ආරක්ෂිත රෙගුලාසි යටතේ පොලිසිය පෙත්සම්කරුට එරෙහිව එම නඩුව පවරා ඇතත්, එම රෙගුලාසිය මේ වන විට බලශුන්‍ය කර ඇති බැවින් ඉදිරියේදී එලෙස නීතිමය පියවර නොගන්නා ලෙසට ද පොලිස්පතිවරයාට වැඩිදුරටත් උපදෙස් දී ඇතැයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දැනුම් දුන්නේය.

    ඒ අනුව සිය සේවාදායකයා ඉදිරිපත් කර ඇති පෙත්සම ඉල්ලා අස්කර ගන්නා බව පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේ ය.

    - Advertisement -

    The article first published on colombotribune.com ⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.