හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ කැසිනෝ අධිරාජ්‍යයේ කොටසක් වූ, ඇට්ලාන්ටික් සිටිහි පිහිටි අතහැර දැමූ බෝඩ්වෝක් සංකීර්ණය, ට්‍රම්ප් ප්ලාසා හෝටලය සහ කැසිනෝ කුලුන බදාදා උදෑසන කඩා ඉවත් කරනු ලැබීය. ඩයිනමයිට් යෙදීමෙන් මහල් 34 කුළුණ තත්ත්පර කිහිපයකින් කඩා වට්ටනු ලැබිණි. නගරාධිපති මාටි ස්මෝල් එය හැඳින්වූයේ “අත්ලාන්තික් නගරයේ විශිෂ්ට දවසක්” ලෙසයි. අත්ලාන්තික් සිටි අධිවේගී මාර්ගයේ කෙළවරේ පිහිටි බැඩර් ෆීල්ඩ්හි පිටත, අසල නගරයේ වීදිවල රැස් වූ ජනයා සහ තමන්ගේ මෝටර් රථවලින් රැස්වී සිටි ජනතාව මෙය නැරඹීමට පැමිණ සිට ඇත. බොහෝ දෙනෙකුට, කුණු කුලුන පුපුරා යාම සංකේතවත් කළේ මේ සූදු නිකේතන නගරයේ ට්‍රම්ප්ගේ කාලයේ අවසානය වූ අතර එය කැසිනෝ හෝටල් හතරක් දක්වා වර්ධනය වී අවසානයේදී මූල්‍යමය පසුබෑමකට, බංකොලොත්භාවයට හා දේපළ අලෙවියට වැටී ඇති බව කියයි. ස්මෝල් පවසා ඇත්තේ ට්‍රම්ප් නගරයේ කැසිනෝ කර්මාන්තයට මුල් දිනවලදීම දායක වූ බවත්, විශාල මුදලක් උපයමින් රැකියා උත්පාදනය කළ බවත්ය. “නමුත් ඔහු ආත්මාර්ථකාමීයි. සමහර පුද්ගලයන්ගෙන් වාසි ගත්තා. සමහර අයට රිදෙව්වා. සමහරුන්ට තදින් පහර දුන්නා” ඔහු තවදුරටත් පැවසීය.
The article first published on dinamina.lk ⋆෴⋆