24 C
Colombo
Saturday, March 6, 2021

එන්නතෙන් පසු දින 2කට වැඩියෙන් උණ නම් වෛද්‍ය උපදෙස් ගන්න – වෛද්‍ය හේමන්ත හේරත්

Author(s): සන්ධ්‍යා කරුණාරත්නකොවිඩ් එන්නත ගැනීමෙන් පසු කිසියම් පුද්ගලයකුට උණ ස්වභාවය දින දෙකකට වඩා පවතින්නේ නම් වෛද්‍ය උපදෙස් ලබා ගත යුතු බව නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (සෞඛ්‍ය...
More

    Latest Posts

    ක්‍රීඩකයාගේ අසීමිත බලය ඇත්තේ කොහේ ද?

    - Advertisement -
    20 පෙබරවාරි, 2021

     

     

    - Advertisement -

    ‘බෝර්න් අගේන් ආගමික නිකාය ක්‍රිකට් ක්‍රීඩාව තුළට රිංගා ගෙන ඇතැයි ගොඩනැගී ඇති චෝදනා අතර ක්‍රීඩාව හා ආගම මෙන්ම ක්‍රීඩක මානසික ශක්තිය ගැන තැබෙන සටහනකි මේ.’

     

    ක්‍රීඩාවේ දී තරග ඉසව්වක් හෝ ක්‍රීඩා තරග වාරයක් ආරම්භ වීමට පෙර තරගකරුවන් තමන්ගේ දෙවියන් සිහි කිරීම දැකිය හැකිය. ආසියාතික, දකුණු ඇමරිකානු හා අප්‍රිකානු රටවල ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතර එය වඩා සුලබය.

    - Advertisement -

    ක්‍රීඩකයන් සිය දෙවියන් ස්මරණය කිරීම සිදුකරද්දී යමෙකු තුළ ඒ සම්බන්ධයෙන් විවිධාකාරයේ ප්‍රශ්න පැන නැගීමට පිළිවන. මේ දිනවල ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් හා ආගමික නිකායක් සමඟ ගැට ගැසී ඇතැයි කියන සම්බන්ධතාව වැනි ගැටලු නිර්මාණය වන්නේ ඒ අයුරිනි. මීට සති දෙකකට පෙර ‘ක්‍රීඩා’ හි ලියැවී තිබූ ‘බෝර්න් අගේන් හා ක්‍රිකට් ක්‍රීඩාව අතර සම්බන්ධය’ පිළිබඳ ලිපිය කියැවීමෙන් අනතුරුව මෙය ලිවීමට සිත් වූ බව පළමුව කිව යුතුය.

    තම දෙවියන් සිහිකිරීම සිතට සහනයක් ද? එසේ දෙවියන් සිහිකිරීමෙන් ගොඩනැගෙන්නේ සිතේ සහනය පමණක්ම ද?

    එකී සහනයෙන් ම පමණක් තරග ජය ගත හැකිද? එසේ නැතහොත් දෙවියන් සිහි කිරීම තරග ජයග්‍රහණයට විශාල දායකත්වයක් දක්වනවා ද? යන්න ප්‍රශ්න ලෙස ඇසිය හැකිය.

    - Advertisement -

    මේ සියලු ප්‍රශ්නවලට පිළිතුරු සැපයීම අත්‍යවශ්‍ය නොවන බවත් එය තමන්ගේ අභිමතය පරිදි ආගම සිහිපත් කිරීමක් පමණක් බවත් තවත් පැත්තකින් කල්පනා කිරීමේදි යමකුට සිතෙන්නටත් පිළිවන.

    එහෙත් එය එසේ සිතා අපට ඉවත දැමිය නොහැකිය. ඒ මන්දයත් ලෝකය තුළ ව්‍යාප්ත දැඩි ක්‍රියාකාරී මතධාරීන් සිටින ආගමික සංවිධාන දැන් දැන් සිය ආගමික අන්තවාදී අදහස් පැතිරවීමේ වේදිකාවක් බවට ක්‍රීඩාව පත්කරගනිමින් ඇති හෙයිනි.

    සුප්‍රකට ලේඛක ආචාර්ය ජෝසෆ් මර්ෆි තම Telepsychics පොතේ සඳහන් කරන පරිදි මිනිසා කටයුතු කරන්නේ තම සිතුවිලි හා විශ්වාසයන් සහිත විශ්වීය නීතියක් (Universal law) සමඟ ය. එම නීතිය ඔවුන්ගේ සිතිවිලි අනුව ක්‍රියා කරන බව ඔහු පවසයි. ඒ අනුව ඔබේ ගැඹුරු මනස ඍණාත්මක ලෙස උද්දීපනය වුවහොත් ඔබට

    හිමිවන්නේ ඍණාත්මක ප්‍රථිඵල පමණය. මෙය විශ්ව නීතියයි. එහෙත් ඔබ ඔබේ යටි සිත ධනාත්මක ලෙස උද්දීපනය කළහොත් ඔබට ඵලදායී ප්‍රථිඵල ලැබෙනු ඇතිබව වැටහෙනු ඇත.

    පොදු සත්‍යය

    ඒ අනුව ඔබට ඉගෙන ගත හැකි වැදගත්ම සත්‍යය නම් ලොව ඇත්තේ එක් බලයක් පමණක් බවය. ඒ බලය පවතින්නේ ඔබ තුළමය. විශ්වයේ පවතින ආකර්ශනීයම වස්තුව ඔබේ සිත යැයි කිවහැක්කේ එහෙයිනි. ඊට සෘණාත්මක හෝ ධනාත්මක ප්‍රතිඵල ආකර්ෂණය කළ හැකිය.

    එබැවින් ක්‍රීඩකයෙක් ක්‍රීඩාවේ දී ජයග්‍රහණය ලැබීම හෝ පරාජය ලැබීම යනු ඔහු විසින්ම ආකර්ෂණය කරන්නක් වේ.

    ප්‍රතිවිරුද්ධ කණ්ඩායම ඉතා ප්‍රබල තත්ත්වයක ඇත්නම් පරාජය ස්ථිර නොවන්නේදැයි යමකු තුළ ප්‍රශ්නයක් මතුවීමට පිළිවණ. එහෙත් ගැඹුරින් සිතා බැලීමේදී එහිදී සිදුවන්නේ ප්‍රතිවාදී අභියෝගය හමුවේ අප විසින් තරගය අතහැර දැමීම හෝ පසුගාමී වීම මගින් පරාජය හිමිකර ගැනීමකි.

    මෙය අපට පහසුවෙන් පැවසිය හැකි වුව ද එය තරග බිමේ සිටින ක්‍රීඩකයෙකු දැඩි පීඩනයකට ලක්වන අවස්ථාවක් වේ.

    මේ නිසාම මීට කදිම පිළිතුරක් වශයෙන් ක්‍රීඩකයෙකුට තමාගේ අාධ්‍යාත්මය පරීක්ෂාවට ලක් කළ හැකිය.

    ඒ කෙසේද යන්න සුප්‍රකට ලේඛක Robin sharma ඔහුගේ Leadership wisdom නැමැති කෘතියේ සඳහන් කර ඇත. ඒ ක්‍රීඩකයෙකු දක්ෂ වීමට ක්‍රීඩා පිටියට ම ගොස් තරග කළ යුතු නැතැයි පෙන්වා දෙමිනි. ප්‍රථමයෙන් ඔහුට ආධ්‍යාත්මික පුහුණුවක් ලබා දිය යුතු යැයි ඔහු පවසයි.

    ඒ අාධ්‍යාත්මික පුහුණුව යනු ආගමික වතාවත්හි නියැළීම නොවේ.

    එසේනම් ඒ කුමක් ද?

    එය සරලය. මෙහිදී සිදුවන්නේ ක්‍රීඩකයෙකු මනසින් ක්‍රීඩා පිටියට ගොස් ඉතා දක්ෂ ලෙස ක්‍රීඩා කරන ආකාරය දැකීම සහ එය දැනටමත් සිදුවන බවට විශ්වාස කිරීමයි. එවිට ක්‍රීඩකයාගේ යටි සිත පෝෂණය වෙයි. එවිට එය ක්‍රීඩකයාගේ යටි සිත විසින්ම එය යථාර්ථයක් ම බවට විශ්වාසයක් ඔහු තුළ ඇති කරයි. එමගින් ක්‍රීඩකයෙකුගේ අභිප්‍රේරණ මට්ටම ඉහළ යයි. දැනටමත් යමක් සිදුවී

    ඇති විට, විශ්වාසයට කෙළවරක් නොමැත. එම විශ්වාසය තරමට ප්‍රතිඵල අනිවාර්යෙන්ම ලැබේ.

    “ඇත්තෙන්ම මට මේක කරන්න පුළුවන් වෙයි ද ?” කියා නොසිතේ නම් ක්‍රීඩකයා ජයග්‍රහණය යථාර්ථයක් බවට පත් කරගනී,

    යමෙක් අප ප්‍රකාශ කරන මෙම බලය ඵලදායිව හා එකඟතාවයෙන් භාවිත කරන විට මිනිසුන් එය හඳුන්වන්නේ දෙවියන් හෝ යහපත අනුව ඔහුට හෝ ඇයට ළඟාවූ බවය. ඔබ තුළ ඇති මෙම බලය ඍණාත්මකව හා විනාශකාරී ලෙස භාවිත කරන විට, මිනිසුන් එය හඳුන්වන්නේ පරාජය, අධෛර්ය, නපුර හා අවාසනාව එසේත් නැතහොත් කර්මය යනාදී නම් වලින් ය.

    මේක මගේ නරක කාලයක්, අවාසනාවන්තකම (bad luck) ලෙස ද හඳුන්වන්නේ එහෙයිනි.

    එහෙත් එය එසේද?

    ආචාර්ය එමර්සන් පවසන ආකාරයට සමස්ත විශ්වයේ ක්‍රියාකාරිත්වය සහ එහි කිසිවක් අහම්බයෙන් සිදු නොවේ. සෑම දෙයක්ම පිටුපසින් තල්ලු කරනු ලැබේ. එයින් අදහස් වන්නේ යමෙකුගේ විශ්වාසයට, ඇදහිල්ලට හෝ යාඥාවට පිළිතුරු ලැබෙන්නේ ඔහුගේ මනසෙහි නීති වලට අනුව බවය. විශ්මය දනවන කරුණ නම් ඔබ එය දැන සිටියත් නැතත් එයට පිළිතුරු ලැබීමය.

    මෙහිදී ඇදහිල්ල හෝ යාඥාව යන්නෙන් අදහස් කරන්නේ, සදාකාලික සත්‍යතාවයන් උපරිම දෘෂ්ටි කෝණයෙන් මෙනෙහි කිරීම පමණි. ඒවා ඊයේට, අදට පමණක් නොව සදාකාලයටම එක හා සමානය.

    ආගමික උගුල්

    යම් පුද්ගලයෙක් දෙවියන් විශ්වාස කරන විට, තවත් යමෙකුට මිත්‍යාවන් නිර්මාණය කර තමන්ගේ විශ්වාසය අපයෝජනයට ලක් කිරීමට ඉඩ නොතැබිය යුතුය. ඊට බුද්ධිමත් බව අත්‍යවශ්‍යවේ. තමන් මිත්‍යාවන් විශ්වාස කිරීමට පෙළඹෙන විට ගොදුරු ඩැහැ ගැනීමට බලා සිටින සමහර සංවිධානාත්මක අය අධ්‍යාත්මිකත්වයේ සියලු උගුල් අටවා තබයි.

    විශේෂයෙන් ක්‍රීඩකයා එය ඉතා දැඩිව සිහියේ තබාගත යුතුය. එනම් තම බලය බාහිර පාර්ශ්වයකට බාරදී එහි පූර්ණ පාලනය ද එම පාර්ශ්වයට ලබා නොදිය යුතු බව ඔවුන් වටහා ගත යුතුය. එසේ වුවහොත් සිදුවන්නේ තමා ළඟ ඇති වටිනා මැණික ඉතා අඩු ලංසුවකට අලෙවි කිරීමකි. එමගින් යම් යම් කුමන්ත්‍රණකරුවන්ගේ, අන්තවාදීන්ගේ පටු පරමාර්ථ වල ගොදුරක් බවට පත්වීමකි.

     

    The article first published on silumina.lk ⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.