24 C
Colombo
Saturday, March 6, 2021

එන්නතෙන් පසු දින 2කට වැඩියෙන් උණ නම් වෛද්‍ය උපදෙස් ගන්න – වෛද්‍ය හේමන්ත හේරත්

Author(s): සන්ධ්‍යා කරුණාරත්නකොවිඩ් එන්නත ගැනීමෙන් පසු කිසියම් පුද්ගලයකුට උණ ස්වභාවය දින දෙකකට වඩා පවතින්නේ නම් වෛද්‍ය උපදෙස් ලබා ගත යුතු බව නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (සෞඛ්‍ය...
More

    Latest Posts

    ගිය වසරේදී විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ කෝටි 127,800ක් දක්වා ඉහළට

    - Advertisement -

    ශ්‍රී ලංකා මහ බැංකුව

    කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් ලෝක ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල වුවද පසුගිය 2020 වසරේ දී විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ රුපියල් කෝටි 127,800 (අමෙරිකානු ඩොලර් මිලියන 7,104) ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙයි.

    - Advertisement -

    පසුගිය 2019 වසරේ දී විදේශ ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ අමෙරිකානු ඩොලර් මිලියන 6,717ක් බවද ඒ අනුව 2020 වර්ධනය සියයට 5.8 ක් බවද ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවක් මඟින් පෙන්වා දෙයි.

    ඉතිහාසයේ ඉහලම මාසික ලැබීම වාර්තා කරමින් 2020 වසරේ දෙසැම්බර් මාසයේ විදේශීය අංශය ශක්තිමත් කිරීම සඳහා විදෙස් ප්‍රේෂණ අඛණ්ඩව දායක වී තිබෙන අතර මූල්‍ය ගිණුමේ, රාජ්‍ය සුරැකුම්පත් වෙළඳපොළෙහි සහ කොළඹ කොටස් වෙළඳපොළෙහි විදේශීය ආයෝජන 2020 වසරේ දෙසැම්බර් මාසයේ දී සුළු ශුද්ධ ගෙවීම් වාර්තා කර ඇත.

    විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ 2020 වසරේ දෙසැම්බර් මාසයේ දී වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබෙන අතර 2020 වසරේ දෙසැම්බර් මාසයේ දී ප්‍රේෂණ පෙර වසරේ අනුරූප මාසයට සාපේක්ෂව එක්සත් ජනපද ඩොලර් මිලියන 813 දක්වා සියයට 22.2 කින් වර්ධනය වී තිබේ. පසුගිය 2019 වසරේ දෙසැම්බර් මාසයේ දී පමණක් එක්සත් ජනපද ඩොලර් මිලියන 665ක් විදෙස් ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් විසින් මෙරටට ප්‍රේෂණය කර තිබේ.

    - Advertisement -

     මහින්ද අලුත්ගෙදර

    The article first published on dinamina.lk ⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.