24 C
Colombo
Sunday, March 7, 2021

එන්නතෙන් පසු දින 2කට වැඩියෙන් උණ නම් වෛද්‍ය උපදෙස් ගන්න – වෛද්‍ය හේමන්ත හේරත්

Author(s): සන්ධ්‍යා කරුණාරත්නකොවිඩ් එන්නත ගැනීමෙන් පසු කිසියම් පුද්ගලයකුට උණ ස්වභාවය දින දෙකකට වඩා පවතින්නේ නම් වෛද්‍ය උපදෙස් ලබා ගත යුතු බව නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (සෞඛ්‍ය...
More

    Latest Posts

    දුම්රිය නිලධාරීන් මාර්ගය වසා දැමීමට විරෝධය පා පාලවියේ පිරිසක් විරෝධතාවක

    - Advertisement -

    පුත්තලම පාලවිය දුම්රිය ස්ථානය ඉදිරිපිට ගම්මානයට යන මාර්ගය දුම්රිය නිලධාරින් හා සේවකයන් පිරිසක් විසින් වසා දැමීමට විරෝධය දක්වමින් ගම්මානයේ ගම්වැසියෝ පෙරේදා (21) සවස දුම්රිය ස්ථානය ඉදිරිපිට විරෝධතාවක නිරත වුහ.

    වසර 50කට අධික කාලයක සිට මේ ගම්මානයට ගමන් කිරීමට මේ දුම්රිය ස්ථානය ඉදිරිපිට මාර්ගය භාවිතා කළ බව විරෝධතාවයේ නිරත වු ගම්වැසියෝ පවසති.

    - Advertisement -

    එසේ භාවිතා කළ මාර්ගය සම්පුර්ණයෙන් දුම්රිය යකඩ සිල්පර යොදා වසා දැමීමට දුම්රිය බලධාරින් ගත් හදිසි තීරණය හේතුවෙන් ගම්මානයේ ජනතාව අන්ත අසරණ තත්ත්වයට පත්ව ඇති බව විරෝධතාකරුවෝ කියති.

    විරෝධතාවයත් සමඟ පුත්තලම මුලස්ථානයේ නිලධාරින් පිරිසක් මේ ස්ථානයට පැමිණ විරෝධතාවයේ නිරත වු ගම්වැසියන් හා එය වසා දැමීමට කටයුතු කරමින් සිටි දුම්රිය ගොඩනැඟිලි අංශයේ නිලධාරින්ගෙන් අදාළ සිදුවිම සම්බන්ධව ප්‍රශ්න කෙරුණි .

    එහිදී ගම්වැසියන් පවසා සිටියේ තම ගම්මානයේ පවුල් 50කට අධික පිරිසක් පදිංචිව සිටින මේ ගම්මානයට යාමට ඇති මාර්ගය වසා දැමීම බරපතළ අසාධාරණයක් බවයි.

    - Advertisement -

    තමන්ට ඉහළින් ලැබුණ උපදෙස් මත මේ ස්ථානයේ තවත් දුම්රිය මාර්ගයක් ඉදිකිරීමට නියමිතව තිබීම නිසා මෙසේ වසා දැමීමට කටයුතු කරන බව දුම්රිය ආරක්ෂක සේවයේ නිලධාරියකු පොලිස් නිලධාරින්ට පැවසීය.

    එහිදී පොලිස් නිලධාරින් ගම්වැසියන්ට පවසා සිටියේ මේ පිළිබඳ දුම්රිය බලධාරින් දැනුවත් කර අදාළ කටයුතුවලට සහයෝගය ගෙන මාර්ගයේ කොටසක් ගමන් කිරීමට ලබාගන්නා ලෙසයි.

    කෙසේ නමුත් ගම්වැසියන් දැඩි විරෝධයක් මතු කරමින් හැසිරුණද එම ස්ථානයේ අදාළ මාර්ගය වසා දමමින් සිටි දුම්රිය ගොඩනැගිලි අංශයේ හා සේවකයන්ට හා දුම්රිය ආරක්ෂක සේවයේ නිලධාරින්ට කිසිදු ආකාරයක බාධා කිරීමක් නොකිරීමද විශේෂ සිදුවීමකි.

    - Advertisement -

    විරෝධතාවයෙන් පසුව පාලවිය දුම්රිය ස්ථානය ඉදිරිපිට වු ආලඩි ශ්‍රී වරසිත්ති විනයාගර් කෝවිලට ගොස් විරෝධතාතරුවන් දෙවියන් හමුවේ කන්නලව් කරමින් පොල් ගැසීමකද නිරත වූහ.

     මිහිර විජේසේකර- මාරවිල සමූහ

     මිහිර විජේසේකර- මාරවිල සමූහ

    The article first published on dinamina.lk ⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.