කල්පිටිය අර්ධද්විපයේ වගා බිම්වල අමු මිරිස් අස්වැන්න වැඩිවීමත් සමඟ තොග මිල පහත වැටී ඇති බව ගොවීහු පවසති. නොරෝච්චෝල ආර්ථික මධ්‍යස්ථානයේ ගෙවී ගිය සතියේ රුපියල් 700ක්ව පැවති අමු මිරිස් කිලෝව රුපියල් 300 දක්වා පහත වැටී ඇත.
මෙසේ එළවළු ගණනාවක තොග මිල ද පහත වැටී ඇති බව වගාකරුවෝ පවසති.
වගා බිම්වලින් අමු මිරිස් නොරෝච්චෝල ආර්ථික මධ්‍යස්ථානය වෙත වැඩි වශයෙන් පැමිණීමත් සමඟ මෙසේ මිල පහත වැටීමට හේතු වී ඇති බව ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳසල් හිමියෝ පවසති.
කල්පිටිය අර්ධද්වීපයේ මෙවර මිරිස් හෙක්ටයාර් 520ක් වගාකර ඇති බවත් ලූනු හෙක්ටයාර් 460 ක් ගෝවා 244ක් ,බීට් 294ක්, මෑ 530ක් , බටානා 246ක්, හා වම්බොටු 150 ක් ,බණ්ඩක්කා 311ක් ලෙස වගා කර ඇති බවද පුත්තලම නියෝජ්‍ය කෘෂිකර්ම අධ්යක්ෂ තරංගිකා ශාමලි මහත්මිය පැවසුවාය. .
මිහිර විජේසේකර-මාරවිල සමූහ
The article first published on dinamina.lk ⋆෴⋆