ශ්‍රී ලංකා නාවික හමුදාවේ කැස්බෑ සංරක්ෂණ ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක ගිනිකොණ නාවික විධානයේ පානම කැස්බෑ සංරක්ෂණ ඒකකය හා තොරතුරු මධ්‍යස්ථානයෙන් කැස්බෑ පැටවුන් 78ක් සයුරට මුදා හැරීම පෙරේදා (21) සිදු කෙරිණි. වඳවී යාමේ තර්ජනයට ලක් වී සිටින කැස්බෑවුන් සංරක්ෂණය කර සාගර පරිසර පදිධතියේ ජෛව විවිධත්වය ආරක්ෂා කිරීම මූලික අරමුණ කර ගනිමින්, ශ්‍රී ලංකා නාවික හමුදාව මගින් කැස්බෑ සංරක්ෂණ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරයි. ඒ අනුව, ගිනිකොණ නාවික විධානයේ පානම කැස්බෑ සංරක්ෂණ ඒකකය හා තොරතුරු මධ්‍යස්ථානයේ සංරක්ෂණය කර ආරක්ෂිතව රැකබලාගත් කැස්බෑ බිත්තරවලින් පිටතට පැමිණි කැස්බෑ පැටවුන් 78ක් සාගරයට මුදා හැරීම ගිනිකොණ නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපති කොමදෝරු නෙවිල්ලේ උභයසිරි මහතාගේ අධීක්ෂණය යටතේ සිදු කෙරිණි.
රක්ෂණ ශ්‍රියන්ත
The article first published on dinamina.lk ⋆෴⋆