24 C
Colombo
Saturday, March 6, 2021

එන්නතෙන් පසු දින 2කට වැඩියෙන් උණ නම් වෛද්‍ය උපදෙස් ගන්න – වෛද්‍ය හේමන්ත හේරත්

Author(s): සන්ධ්‍යා කරුණාරත්නකොවිඩ් එන්නත ගැනීමෙන් පසු කිසියම් පුද්ගලයකුට උණ ස්වභාවය දින දෙකකට වඩා පවතින්නේ නම් වෛද්‍ය උපදෙස් ලබා ගත යුතු බව නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (සෞඛ්‍ය...
More

    Latest Posts

    ලොව පුරා කොවිඩ් ආසාදනය වීමෙන් මිය ගිය ගණන 2,450,000 ඉක්මවයි

    - Advertisement -

    ලොව පුරා කොවිඩ් ආසාදනය වූවන් අතර මිය ගිය සංඛ්‍යාව 2,450,000 ඉක්මවා ගොස් තිබේ.

    ලෝකයේ රටවල් සහ ස්වයං පාලන ප්‍රදේශ 218කින් වාර්තා වන කොවිඩ් හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 2,478,409ක් වන අතර, මුළු ආසාදිතයන් සංඛ්‍යාව 111,973,201කි. ඒ අතරින් 87,338,274 දෙනකු පූර්ණ සුවය ලබා තිබෙන බව වාර්තා වෙයි.

    - Advertisement -

    වැඩිම ආසාදිතයන් පිරිස අමෙරිකාවෙන් වාර්තා වන අතර, එම සංඛ්‍යාව දෙකෝටි අසූ ලක්ෂය ඉක්මවා යෑම විශේෂත්වයකි. ඒ අනුව අමෙරිකාවේ ආසාදිතයන් සංඛ්‍යාව 28,765,423ක් වන අතර එරට මරණ සංඛ්‍යාව 500,000 ඉක්මවා යෑම විශේෂත්වයකි. ඒ අනුව එරට මිය ගිය සංඛ්‍යාව 511,133කි. මේ අතර ඉන්දියාවේ ආසාදිතයන් 11,005,850ක් සහ බ්‍රසීලයේ ආසාදිතයන් සංඛ්‍යාව 10,168,174ක් ලෙස වාර්තා වන අතර රුසියාව, ප්‍රංශය, එක්සත් රාජධානිය, ඉතාලිය, කොලොම්බියාව, මෙක්සිකෝව, ස්පාඤ්ඤය, ආර්ජන්ටිනාව, ජර්මනිය, ඉරානය, පෝලන්තය, දකුණු අප්‍රිකාව, යුක්රේනය, පේරු, නෙදර්ලන්තය යන රටවල ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂ 10 ඉක්මවා ගොස් ඇත.

    මේ වන විට කොවිඩ් ආසාදනය වීම හේතුවෙන් ලොව පුරා මිය ගිය සංඛ්‍යාව පන් ලක්ෂයකට වැඩි පිරිසක් අමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වන අතර ඉන්දියාවෙන් සහ බ්‍රසීලයෙන් ලක්ෂයකට වැඩි මරණ සංඛ්‍යාවක් වාර්තා වෙයි. ඒ අනුව බ්‍රසීලයේ මරණ සංඛ්‍යාව 246,560ක් වන අතර, ඉන්දියාවේ මරණ සංඛ්‍යාව 156,418කි.

    අමෙරිකා එක්සත් ජනපදයේ ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ සංඛ්‍යා ලේඛන අනුව කොවිඩ් හේතුවෙන් ස්පාඤ්ඤයේ 67,101ක්, ඉතාලියේ 95,718ක්, ප්‍රංශයේ 84,306ක්, බ්‍රිතාන්‍යයේ 120,580ක්, බ්‍රසීලයේ 246,560ක්, රුසියාවේ 83,293ක්, බෙල්ජියමේ 21,903ක්, ඉරානයේ 59,483ක්, නෙදර්ලන්තයේ 15,217ක්, මෙක්සිකෝවේ 180,107ක්, කැනඩාවේ 21,674 සහ ජර්මනියේ 68,443ක් ලෙස මරණ වාර්තාවී තිබේ.

    - Advertisement -

    මේ වන විට ලොව වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වන රටවල් ලැයිස්තුවේ තවදුරටත් පෙරමුණේ පසුවන්නේ අමෙරිකාව වන අතර ඉන්දියාව දෙවැනි ස්ථානයේත්, බ්‍රසීලය තෙවැනි ස්ථානයේත්, රුසියාව සිවු වැනි ස්ථානයේත්, එක්සත් රාජධානිය පස් වැනි ස්ථානයේත් පසු වෙයි. මේ අතර ඉන්දියාවේ දෛනික කොවිඩ් ආසාදිතයන් ගණන අඛණ්ඩව සිවු වැනි දිනටත් යළි ඉහළ ගොස් තිබෙන අතර පෙරේදා (21) දිනයේ පමණක් ආසාදිතයන් 14,264ක් ඇති බව වාර්තා වෙයි.

    ඒ අනුව එරට සමස්ත කොවිඩ් ආසාදිතයන් ගණන 11005,850ක් දක්වා ඉහළ ගොස් ඇති අතර ඉන්දියාවේ දෛනිකව කොවිඩ් මරණ 90ක් පමණ සිදු වන බව ද, එම වාර්තා සඳහන් කරයි. විශේෂයෙන් මහාරාෂ්ට්‍රා ප්‍රාන්තයේ පසුගිය සතියේදී ආසාදිතයන් සියයට 81ක් පමණ වර්ධනය වීම ඊට හේතුවවී ඇතැයි සෞඛ්‍ය අංශ පවසති. එම ප්‍රාන්තයෙන් කොවිඩ් නව ප්‍රභේද රාශියක් හඳුනාගෙන තිබේ.

    මහින්ද අලුත්ගෙදර

    - Advertisement -

    The article first published on dinamina.lk ⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.