24 C
Colombo
Saturday, March 6, 2021

එන්නතෙන් පසු දින 2කට වැඩියෙන් උණ නම් වෛද්‍ය උපදෙස් ගන්න – වෛද්‍ය හේමන්ත හේරත්

Author(s): සන්ධ්‍යා කරුණාරත්නකොවිඩ් එන්නත ගැනීමෙන් පසු කිසියම් පුද්ගලයකුට උණ ස්වභාවය දින දෙකකට වඩා පවතින්නේ නම් වෛද්‍ය උපදෙස් ලබා ගත යුතු බව නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (සෞඛ්‍ය...
More

    Latest Posts

    ස්වීඩනය කොරෝනා ආසාදිතයන්ගෙන් 29වැනි තැනට

    - Advertisement -

    හය ලක්ෂ තිස් එක් දහසකට වැඩි කොරෝනා රෝගීන් ප්‍රමාණයක් සිටින ස්වීඩනය ලොව කොරෝනා ආසාදිතයන් සිටින රටවල් අතරින් 29 වැනි ස්ථානයේ පසු වේ. එරට සිදුවී ඇති මුළු කොවිඩ් මරණ ගණන 12,649කි. ස්වීඩනයේ සුවය ලැබූ කොරෝනා රෝගීන් ගණන ගැන හෝ ක්‍රියාශීලී මට්ටමේ සිටින රෝගීන් ගණන ගැන හෝ වාර්තාවී නොමැත. බරපතළ මට්ටමේ සිටින කොරෝනා රෝගීහු 207ක් එරට සිටිති. එක් කෝටියක ජනගහනයක් සිටින එරට කොරෝනා පරීක්ෂණ 5,708,037ක් සිදු කර ඇත. මේ අනුව ජනගහනයෙන් මිලියනයකට කොරෝනා පරීක්ෂණ 562,945ක් ද, කොරෝනා මරණ 1,247ක් ද, කොරෝනා රෝගීන් 62,248ක් ද සිටී.

    අප්‍රේල් මැද භාගය වනතුරු ස්වීඩනයේ කොරෝනා රෝගීන් ගණන වේගයෙන් ඉහළ ගියේ නැත. එරට කොරෝනා රෝගීන් ගණන කැපී පෙනෙන ලෙස ඉහළ ගියේ ඔක්තෝබර් මැද භාගයේදීය. කෙසේ වෙතත් කොරෝනා රෝගීන් පිළිබඳ කුඩා වක්‍රයකුත් කැපී පෙනෙන තවත් විශාල වක්‍රයකුත් දක්නට ලැබේ. අවම වර්ධනයක් පෙන්නුම් කරන කුඩා වක්‍රය මැයි අග භාගයේ සිට ජූලි මැද භාගය දක්වාත්, අනෙක් වක්‍රය ඔක්තෝබර් මැද භාගයේ සිට වර්තමානය දක්වාත් විහිදී තිබෙනු දැකිය හැකිය. පළමු වක්‍රයේ ඉහළම ලක්ෂ්‍ය වන්නේ ජූනි 18 වැනිදා වාර්තා වූ රෝගීන් 1,089යි. දෙවැනි වක්‍රයේ ඉහළම අගය පෙන්නුම් කරන්නේ දෙසැම්බර් 23 වැනිදා වාර්තා වූ 11,379යි. පෙබරවාරි 20 වැනිදා රෝගීන් 2,349ක් වාර්තාවී තිබේ.

    - Advertisement -

    සමස්ත මරණ ගණන පැහැදිලි වක්‍ර දෙකක් පෙන්නුම් කරන අතර, පළමු වක්‍රය මාර්තු මැද සිට ජූලි අග දක්වා විහිදේ. එහි උපරිම අගය අප්‍රේල් 08 වැනිදා සහ 15 වැනිදා මරණ 115ක් බැගින් පෙන්නුම් කරයි. දෙවැනි වක්‍රය ඔක්තෝබර් අග භාගයේ සිට පෙබරවාරි මැද භාගය දක්වා දිවෙන අතර, එහි උපරිම මරණ ගණන දෙසැම්බර් 28 වැනිදා 121ක් ලෙස වාර්තාවී තිබේ. පෙබරවාරි 19 වැනිදා වාර්තාවී ඇති මරණ 33 එරටින් ලැබී ඇති අවසාන වාර්තාවේ දැක්වේ.

    බුද්ධි කරුණාරත්න

    The article first published on dinamina.lk ⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.