24 C
Colombo
Tuesday, March 2, 2021

යුද හමුදා බසයක් වනවාසලදී දුම්රියේ ගැටෙයි

සෙබළුන්ට හානියක් නෑ කැලණිය සහ වනවාසල අතර තෙලඟපාත ප්‍රදේශයේ පිහිටි දුම්රිය හරස් මාර්ගය අසලදී මහනුවර සිට කොළඹ කොටුව බලා ධාවනය වූ සෙංකඩගල මැණිකේ ශීඝ්‍රගාමි දුම්රියේ...
More

    Latest Posts

    අවසන් මොහොතේ වාස් ඉවත් වීම තරුණ ක්‍රීඩකයන්ට කළ අසාධාරණයක්

    - Advertisement -
    Author(s): 
    ස්වර්ණා විජේකෝන්
    සන්ධ්‍යා කරුණාරත්න

    ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ පාර්ලිමේන්තුවේදී කියයි

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේගපන්දු පුහුණුකරු ලෙස පසුගිය දා පත් කළ චමින්ද වාස් මහතා සිය තනතුරින් ඉල්ලා අස්වීමේ සිදු වීම සම්බන්ධයෙන් තමා කනගාටුවට පත් වන බව ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඊයේ (23) පාර්ලිමේන්තුවේදි ප්‍රකාශ කළේය.

    - Advertisement -

    චමින්ද වාස් මහතා දක්ෂ ක්‍රීඩකයකු සහ පුහුණුකරුවකු බව පැවසූ අමාත්‍යවරයා, එවැනි පුහුණුකරුවකු ජාතික කණ්ඩායමට අහිමි වීම සම්බන්ධයෙන් තමා පෞද්ගලිකව ද කනගාටුවට පත් වන බවත්, දක්ෂ ක්‍රීඩකයකු සහ පුහුණුකරුවකු ශ්‍රී ලංකා කණ්ඩායමට අහිමි වීම විශාල පාඩුවක් බවත් සඳහන් කළේය. පුහුණුකරුවකු හෝ ක්‍රීඩකයකු තම ගිවිසුම් පිළිබඳ සාකච්ඡා කරන පිළිවෙළක් ඇති බව පැවසූ අමාත්‍යවරයා චමින්ද වාස් මහතා ක්‍රිකට් පාලක මණ්ඩලය සමඟ යම් මුදලක් සඳහා ගිවිසුමකට එළඹ තිබූ බව ද සඳහන් කළේය.

    ක්‍රීඩකයකු හෝ පුහුණුකරුවකු තෝරා ගැනීමේදී ඔහුගේ දක්ෂතාව මිස ජාති ආගම් පිළිබඳ සොයා නොබලන බව ද ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේගපන්දු පුහුණුකරු ලෙස පසුගියදා පත් කළ චමින්ද වාස් මහතා සිය තනතුරින් ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා ඇසූ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    - Advertisement -

    වැඩි දුරටත් අදහස් දැක් වූ ක්‍රීඩා අමාත්‍යවරයා, පාලක මණ්ඩලය සමඟ ගැටුමක් පැවතිය ද 2023 ලෝක කුසලානය ඉලක්ක කරගත් ජාතික කණ්ඩායමක් විදේශ ගත වීමට පැය හතරකට පෙර ඔහු ඉල්ලා අස්වීම එම තරුණ ක්‍රීඩකයන්ට කළ අසාධාරණයක් බව පැවැසීය. හෙට දිනයේ අනෙක් ක්‍රීඩකයන්ට සහ පුහුණුකරුවන්ට මෙම සිදු වීම වැරදි පූර්වාදර්ශයක් බව පෙන්වා දුන් අමාත්‍යවරයා ක්‍රීඩාවේ නිසි ක්‍රමවේදයක් සහ ක්‍රීඩකයන්ගේ, පුහුණුකරුවන්ගේ, පරිපාලනයේ සහ පාලකයන්ගේ විනයත් සමඟ ක්‍රිකට් ක්‍රීඩාව ඉදිරියට යා යුතු බව ද කීවේය.

    ක්‍රිකට් පාලක මණ්ඩලය විධායක කමිටුවේ අනුමැතියට යටත්. මොකද ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයාට හෝ ප්‍රධාන විධායක නිලධාරියාට ඕන විදියට සංචාරයකට මුදල් වෙන්කරන්න බැහැ. ඒකට ක්‍රිකට් පාලක මණ්ඩලයේ අනුමැතිය අවශ්‍යමයි. එහෙම නැත්තම් නැවත වතාවක් පහුගිය කාලේ වගේ සිද්ධ වුණොත් ඔබතුමා කිව්වා වගේ කෝප් කමිටුවේදී ඒ පිළිබඳ ප්‍රශ්න කරනවා.

    ඒ අනුව ලක්ෂ හත හමාරක මුදලක් ගෙවන්න එකඟවෙලා තියෙනවා මේ සංචාරයට පමණක්. ක්‍රිකට් පාලක මණ්ඩලය ගිවිසුම් ප්‍රකාරව යනකොට ඒ ගිවිසුමට අමතරව ටුවර් ෆී එකක් තියෙනවා. ඒ ටුවර් ෆී එක‍ටත් අමතරව තමයි මේ ලක්ෂ හතහමාර ගෙවන්න ක්‍රිකට් පාලක මණ්ඩලය එකඟවෙලා තියෙන්නේ. හැබැයි කෙසේ වෙතත් චමින්ද වාස් මහතා මේ ලක්ෂ හතහමාර පිළි අරගෙන නෑ. එතුමා ඉල්ලා අස්වීමේ ලිපිය දී තිබෙනවා. ඒ අනුව ක්‍රිකට් පාලක මණ්ඩලය ඒක භාර අරගෙන තියෙනවා. ක්‍රීඩකයන්ට හෝ පුහුණුකරුවන්ට ගෙවීම් කිරීමේදී ක්‍රමවේදයක් තිබෙනවා. අපි පැහැදිලිව ඒ ක්‍රමවේදය අනුගමනය කරනවා. එහිදී ක්‍රීඩකයන්ගේ හෝ පුහුණුකරුවන්ගේ දක්ෂතාවය මිසක් ඒ පුහුණුකරුවාගේ ජාතිය, ආගම, රට ගැන අපි බලන්නේ නැහැ.‘ අමාත්‍යවරයා වැඩි දුරටත් එසේ සඳහන් කළේය.

    - Advertisement -

    The article first published on dinamina.lk <a href="Read More” target=”_blank”>⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.