24 C
Colombo
Friday, February 26, 2021

පාස්කු ප්‍රහාරයේ වගඋත්තරකරු නිදැල්ලේ – මන්ත්‍රී විජිත හේරත්

පාස්කු ප්‍රහාරය පිළිබඳ වගඋත්තරකරු නිදැල්ලේ සිටියදී අවුරුදු 1 1/2ක් පමණ කල්මරා ජනාධිපති කොමිසම විසින් දී තිබෙන්නේ අසම්පූර්ණ සහ සැකසහිත වාර්තාවක් බව ජනතා විමුක්ති පෙරමුණේ...
More

    Latest Posts

    පාස්කු කොමිසමේ වාර්තාව ගැන තීන්දුවක් ගන්න ජනපතිට කල් දෙන්න – ගලගොඩඅත්තේ ඥානසාර හිමි

    - Advertisement -

    පාස්කු ප්‍රහාරය විමර්ශනයට පත් කළ ජනාධිපති කොමිෂන් වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අනවශ්‍ය කලබලයක් ඇති නොකර ජනාධිපතිවරයාට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට කාලය දිය යුතු බව බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පැවැසූහ.

    නිවැරැදිව තීන්දු තීරණ ගත හැකි නායකයකු ලෙස ජනාධිපතිවරයාට කොමිෂන් වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමේදී සෘජුව අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමේ හැකියාවක් පවතින බවත් ඇතැම් පාර්ශ්ව සිය පුද්ගලික අරමුණු වෙනුවෙන් ක්‍රියාකිරීම කිසිසේත්ම අනුමත නොකරන බවත් උන්වහන්සේ කීහ.

    - Advertisement -

    ’09/05 ජාතියේ ඉරණම’ මැයෙන් රාජගිරිය සද්ධර්මරාජික විහාරස්ථානයේදී ඊයේ (23දා) ජාතික සංවිධාන කිහිපයක් එක්ව පැවැත්වූ මාධ්‍ය හමුවේදී උන්වහන්සේ මේ බව කීහ.

    පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය විමර්ශනය කරන ජනාධිපති කොමිසමේ වාර්තාව සම්බන්ධයෙන් ගතයුතු පියවර පිළිබඳ කාදිනල්තුමන් සහ පාර්ශ්ව කිහිපයක් අනවශ්‍ය කලබලයක් ඇති කරගෙන යුක්තිය ඉල්ලා ජාත්‍යන්තරයට යෑමට ද සූදානමින් සිටින බව පැවැසූ හිමියෝ, රටේ ප්‍රශ්න ජාත්‍යන්තරයට විවෘත කිරීම කළ යුත්තක් නොවන බවත් කාදිනල්තුමන් මීට වැඩා වගකීමකින් යුතුව ක්‍රියා කළ යුතු බවත් උන්වහන්සේ කීහ.

    එමෙන්ම ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාව පළමුව ලබාදිය යුත්තේ කාදිනල්තුමන්ට හෝ පාර්ලිමේන්තුවේ 225 දෙනාට නොව වහාබ් අන්තවාදය සම්බන්ධයෙන් මුල්වරට අනාවරණය කරමින් නින්දා, අපහාස විඳිමින් සිරගතවීමට ද සිදුවූ තමන් වහන්සේට බව ද මෙහිදී ඥානසාර හිමියෝ පැවැසූහ.

    - Advertisement -

    රුවන්ත නිතුල්ගස්පිටිය

    The article first published on dinamina.lk ⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.