පාස්කු ඉරුදින ප්රහාරය සම්බන්ධයෙන් ජනාධිපති කොමිසම සිදු කළ පරීක්ෂණයේ වාර්තා පිටපතක් තමාට භාර දුන් බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (23) ප්රකාශ කළේය.
එම පිටපත දැනට පාර්ලිමේන්තු පුස්තකාලයේ තබා ඇති බවත් එය ඕනෑම මන්ත්රීවරයකුට පරිශීලනය කිරීමේ හැකියාව පවතින බවත් ඒ මහතා පැවසුවේය. එම වාර්තාව පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ට ලබාදීම සඳහා පිටපත් අද (24) ලැබීමට නියමිත බවත් එම පිටපත් ලැබුණු වහාම මන්ත්රීවරුන්ට ලබාදීම සිදු කරන බවත් ඒ මහතා කීය.
පාස්කු ප්රහාරය සම්බන්ධයෙන් වන පිටපත බාර ගැනීම සඳහා කතානායක අසුනෙන් ඊයේ (23) නැඟිට ගිය අවස්ථාවේ, කථානායකවරයා ප්රශ්නවලට පිළිතුරු නොදී පැන යන බවට විපක්ෂ නායකවරයා කළ චෝදනාව මුළුමණින්ම ප්රතික්ෂේප කරන්නේ යැයි ද, තමා එම වේලාවේ අසුනෙන් නැඟිට ගියේ පාස්කු ප්රහාරය සම්බන්ධ අදාළ වාර්තාව බාර ගැනීමට යැයි ද ඒ මහතා කියා සිටියේය.
The article first published on dinamina.lk ⋆෴⋆