24 C
Colombo
Tuesday, March 2, 2021

යුද හමුදා බසයක් වනවාසලදී දුම්රියේ ගැටෙයි

සෙබළුන්ට හානියක් නෑ කැලණිය සහ වනවාසල අතර තෙලඟපාත ප්‍රදේශයේ පිහිටි දුම්රිය හරස් මාර්ගය අසලදී මහනුවර සිට කොළඹ කොටුව බලා ධාවනය වූ සෙංකඩගල මැණිකේ ශීඝ්‍රගාමි දුම්රියේ...
More

    Latest Posts

    පාස්කු වාර්තාව පාර්ලිමේන්තුවට එයි – වාර්තාවේ කොපි 300ක් ගහන්න නියෝග!

    - Advertisement -

    පාස්කු ඉරුදින ප්‍රහාර මාලාව පිළිබඳ විමර්ශන සිදුකළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාවේ පිටපතක් අද (23) දින කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත භාරදී තිබේ. ජනාධිපති කාර්යාලයේ අධ්‍යක්ෂක හරිගුප්තා රෝහණධීර මහතා විසින් එය බාර දෙනු ලැබීය.

    මේ වනවිට එය පාර්ලිමේන්තු පුස්තකාලයට බාර දී ඇති බව ඇනගන්නට ඇත. එම වාර්තාව, එහි සිංහල පරිවර්ථන පිටපතක් ද සමග ඊයේ (22) අමාත්‍ය මණ්ඩලය වෙත ලබා දුන් අතර අද (23) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ය.

    - Advertisement -

    පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට ලබා දී ඇති වාර්තාවේ පිටපත් 300ක් මුද්‍රණය කරන ලෙසට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා උපදෙස් ලබා දී තිබේ. ඒ අනුව මේ වනවිට අදාළ පිටපත් මුද්‍රණය කිරීමට සියලු පියවර ගෙන ඇති බව වාර්තා වේ.

    එම පිටපත් සියලුම මන්ත්‍රීවරුන් වෙත ලබා දීමට සැලසුම් කර ඇති බවද දැනගන්නට තිබේ.

    - Advertisement -

    Image

    The article first published on colombotribune.com ⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.