24 C
Colombo
Tuesday, March 2, 2021

යුද හමුදා බසයක් වනවාසලදී දුම්රියේ ගැටෙයි

සෙබළුන්ට හානියක් නෑ කැලණිය සහ වනවාසල අතර තෙලඟපාත ප්‍රදේශයේ පිහිටි දුම්රිය හරස් මාර්ගය අසලදී මහනුවර සිට කොළඹ කොටුව බලා ධාවනය වූ සෙංකඩගල මැණිකේ ශීඝ්‍රගාමි දුම්රියේ...
More

    Latest Posts

    වී මිළදී ගැනීම පිළිබඳ නිවේදනයක්

    - Advertisement -
    වී කිලෝවක් සඳහා රජය නියම කළ රුපියල් 50 සහතික මිලට වඩා ඉහළ  මිලක් පෞද්ගලික අංශය ලබා දෙන්නේ නම් රජයත් එයට සමාන්තර තරගකාරී මිලක් ලබා දෙන්නට සූදානම් බව ජනමාධ්‍ය ඇමැති,සම කැබිනට් ප්‍රකාශක ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා කියයි.
     
    මෙසේ ඉහළ සහතික මිලක් ගොවීන්ට ලබා දුන්නද  පාරිභෝගිකයන්ව අපහසුතාවයට පත් කිරීමට වෙළෙන්දන්ට රජය ඉඩ නොතබන බවද පාරිභෝගිකයාට රුපියල් 98 කට සහල් කිලෝවක් ලබා දෙන්නට රජය සූදානම් බවද ඇමැතිවරයා අවධාරණය කරයි.
     
    අද (23) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් කීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා මේ අදහස් පළ කළේය.
    එහිදී මාධ්‍යවේදීන් මේ සම්බන්ධව නැගූ ප්‍රශ්නවලට පිළීතුරු දෙමින් ඇමැතිවරයා මෙසේද කීය.
     
    ‘වී මිලදී ගැනීම පසුගිය කාලයේ ඉතා සංකීර්ණ ප්‍රශ්නයක් වුණා.පසුගිය කාලයේ ගොවීන්ගෙන් වී කිලෝවක් මිලදී ගත්තේ රුපියල් 14, රුපියල් 16,20 සහ රුපියල ්26 ආදී වශයෙන් .අප රජය පත්වන විට වී මිලදී ගැනීම සිදු වුනේ කිලෝවක් රුපියල් 30 ක් වැනි මුදලකටයි.1948 සිට පවතින මතය වන්නේ ගොවියා රජකළ යුතුය යන්නයි. මේ රටේ කෘෂීකර්මය ආරක්ෂා කර ගොවියාට ආර්ථික වශයෙන් වටිනාකමක් දිය යුතු කියා මතයක් තිබුණා.නමුත් එය සිදු වූයේ නැහැ පැවැති කිසිම රජයකින්.අපට ඒ අතීතය අමතක නැහැ. ගොවීන් වස බිව්වා ණය තුරුස් ගෙවා ගන්න බැරිව.ඉතා කටුක අමිහිරි අතීතයක් අපට ඒ ගැන තිබෙන්නේ.
     
    ඒ නිසා  ගොවියා රජ කරවන  ගොවියා ආර්ථික වශයෙන් ශක්තිමත් කරන පුද්ගලයකු බවට පත් කිරීමයි වත්මන් රජයේ පරමාර්ථය.මේ සඳහා එක් පියවරක් ලෙස වී කිලෝවක් රුපියල් 50 කට ගොවියාගෙන් මිලදී ගන්නට රජය පියවර ගෙන තිබෙනවා.ගොවියා මෙන්ම පාරිභෝගිකයා ආරක්ෂා කිරීමත් ගොවියා ට ආර්ථික වශයෙන් වටිනාකමක් දීමත් රජයේ වගකීමක්.
     
    පොහොර සහනාධාරය ලබා දී ජල සම්පාදනය ඇතුළු අනෙක් පහසුකම් ලබා දී ගොවියාගේ  වී අස්වැන්න සඳහා රජය රුපියල් 50 ක සහතික මිලක්ලබා දී තිබෙනවා. ඇතැම් විට පෞද්ගලික අංශය මේ මිලට තරලකාරී මිලක් ඉදිරිපත් කරයි.
     
    ඇතැම්විට ඔවුන් රුපියල් 51-53 අතර මිලකට වී කිලෝවක් මිලදී ගනීවි. අපත් මේ සම්බන්ධනව අභියේගය භාර ගන්න සුදානම්. වී කිලෝවක් සඳහා රුපියල් 50 ට වඩා සහතික මිලක් පෞද්ගලික අංශය ලබා දෙන්නේ නම් රජයත් එයට සමාන්තර තරගකාරී මිලක් ලබා දෙන්නට සූදානම් .ඒ සඳහා කෘෂීකර්ම අමාත්‍යංශයේ ආයතන මගින් විශේෂ යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කිරීමට අපසූදානම්.එසේ තරගකාරී මිලකට වී මිලදී ගත්තද පාරිභෝගිකයාට රුපියල් 98 කට සහල් කිලෝවක් ලබා දෙන්නට රජය සූදානම් .
     
    ගොවියා රැක ගැනීම මෙන්ම පාරිභෝගිකයාව රැක ගැනීමේ  වගකීම රජයට  තිබෙනවා.වෙළෙන්දා උත්සහ කරන්නේ මේ අවස්ථාවෙන් උපරිම ලාභ ලබන්නටයි.එහෙත් අප සහතික වනවා පාරිභෝගිකයාට රුපියල් 98 ට සහල් ලබා දෙන බවට. මේ තරගකාරී ක්‍රමවේදය මගින් යම් පාඩුවක් රජයට සිදු වනවා නම් අප එය භාරගන්නවා.
     
    ගොවීන්ගෙන් අප ඉල්ලා සිටිනනේ රුපියල් 50 ක් වැනි ඉහළ සහතික මිලක් රජයෙන් වී සඳහා නියම කර තිබෙන නිසා තමන්ගේ වී අස්වැන්න කාෂීකර්ම දෙපාර්තමේන්තු‍ව වෙත ලබාදෙන ලෙසයි.මෙසේ ඉහළ සහතික මිලක් ගොවීන්ට ලබා දීමෙන් පාරිභෝගිකයන්ව අපහසුතාවයට පත් කිරීමට වෙළෙන්දන්ට රජය ඉඩ තබන්නේ නැහැ.ඒ අභියෝගයත් රජය භාර ගන්නට සූදානම්.’යැයිද ඇමැතිවරයා කීය.
     
    (බුද්ධිකා ඉඹුලාන,සිතාරා සේනානි)
     
     
     
     
     

    The article first published on dinamina.lk ⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.