24 C
Colombo
Tuesday, March 2, 2021

පාස්කු වාර්තාව මඟින් රාජ්‍ය බුද්ධි අංශය දඬුකඳේ ගැසීමේ සූදානමක්

රණවිරුවන් ආරක්ෂා කිරීමට පැමිණි ආණ්ඩු පාර්ශ්වය පාස්කු ප්‍රහාරය පිළිබඳ කොමිෂන් සභා වාර්තාව මඟින් රාජ්‍ය බුද්ධි අංශය දඬුකඳේ ගැසීමට සූදානම් වන බව සමඟි ජන බලවේගයේ...
More

    Latest Posts

    වොලිබෝල් මහ පුටුවට මිතුරෝ දෙදෙනෙක් හැප්පෙති

    - Advertisement -
    Author(s): 
    ප්‍රින්ස් ගුණසේකර

    ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සභාපති තනතුරට වත්මන් වොලිබෝල් සභාපති, නියෝජ්‍ය කථානායක රංජිත් සියඹලාපිටිය මහතා හා වොලිබෝල් සම්මේලනයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති සබරගමුව පළාත් සභාවේ හිටපු සභාපති කංචන ජයරත්න මහතා තරග වදිති. සියඹලාපිටිය සහ ජයරත්න මහත්වරුන් ඊයේ නාමයෝජනා පත්‍ර භාරගත් අවසන් දිනය වෙද්දී නිලවරණය සඳහා ඉදිරිපත් වීම ස්ථීර කර තිබිණි. මේ දෙදෙනා පසුගිය කාලයේ ඉතාම සමීපතමයන් ලෙස වොලිබෝල් සම්මේලන පරිපාලන කටයුතුවලට දායකත්වය සැපයූ දෙදෙනකු වීම විශේෂත්වයකි.

    රංජිත් සියඹලාපිටිය මහතා කලක් ජාතික පිල නියෝජනය කර ඇති අතර, කෑගල්ල වොලිබෝල් සංගමයෙන් තම නාමයෝජනා පත්‍රය භාරදී ඇත. පාසල් අවදියේ දී සිටම වොලිබෝල්, ක්‍රිකට්, පාපන්දු, මලල ක්‍රීඩා, හා බේස්බෝල් ක්‍රීඩා රැසක නිරත වෙමින් සමස්ත ලංකා ජයග්‍රහණ ලබා ඇති කංචන ජයරත්න මහතා රත්නපුර දිස්ත්‍රික් වොලිබෝල් සම්මේලනයෙන් සිය නාමයෝජනා පත්‍රය ඉදිරිපත් කළේය.

    - Advertisement -

    ක්‍රීඩා රෙගුලාසි යටතේ ජාතික සංගමයක සභාපති තනතුරට ඉදිරිපත් වන්නේ නම් අදාළ ක්‍රීඩාවේ ජාතික මට්ටමේ නියෝජනයක අවශ්‍යතාව සම්පූර්ණ කළ යුතු අතර, වොලිබෝල් සම්මේලනයේ සභාපති තනතුරට ඉදිරිපත් වූ මේ දෙදෙනාම එම සුදුසුකම් සපුරා ඇතැයි වොලිබෝල් ආරංචි මාර්ග පවසයි. කෙසේ වුවද අද දිනය ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ ඉදිරිපත්ව ඇති නාමයෝජනා සම්බන්ධ විරෝධතා භාර ගන්නා අවසන් දිනය ලෙස ප්‍රකාශයට පත්කොට ඇත.

    ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ ඉදිරි තනතුරු තෝරා ගැනීම සඳහා ඉදිරිපත් කොට ඇති නාමයෝජනා අතුරින් ලේකම්, භාණ්ඩාගාරික හා නියෝජ්‍ය ලේකම් නිතරගයෙන් පත් වනු ඇත. ලේකම් තනතුරට වෙළෙඳ සේවා සංගමයේ නාලක ශාන්ත සිරි, භාණ්ඩාගාරික තනතුරට රත්නපුර දිස්ත්‍රික්කයේ තුෂාර සම්පත් හා නියෝජ්‍ය ලේකම් තනතුරු 2කට තරුණ සේවා සභාවේ සමන් අබේවර්ධන, පාසල් සංගමයේ සාන්ත සිරි මීගමුවගේ මහත්වරුන්ගේ නාම යෝජනා පමණක් ඉදිරිපත්ව ඇති හෙයින් තරගයක් නොපවතී.

    උපසභාපති තනතුරු 6ක් වෙනුවෙන් නාමයෝජනා 7ක් ලැබී ඇති අතර, යුද හමුදාවෙන් බ්‍රිග්‍රේඩියර් මහේෂ් පෙරේරා, විශ්ව විද්‍යාල නියෝජනය කරමින් සී. රත්නමුදලි, නාවික හමුදාවෙන් කොමදෝරු පත්මන් ද සිල්වා, කපිතාන් ටී. එන්. ඩී ද සිල්වා, සීතාවක සංගමයෙන් බණ්ඩාර හේරත්, වෙළෙඳ සේවා සංගමයෙන් චන්දන විජේසිංහ හා ශ්‍රී ලංකා පොලිසියෙන් නියෝජ්‍ය පොලිස්පති නිමල් පෙරේරා මහත්වරු ඉදිරිපත්ව සිටිති.

    - Advertisement -

    ප්‍රධාන සංවිධායක තනතුර සඳහා ගම්පහ දිස්ත්‍රික් සංගමයේ ඒ. ඒ. ජයතිස්ස හා පුත්තලම දිස්ත්‍රික් සංගමයේ ධනපාල ජයපත්ම මහත්වරු තරගයට පිවිස සිටිති. ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ විධායක සභාවට තෝරා ගන්නා සාමාජිකයන් 11ක් වෙනුවට නාමයෝජනා 18ක් ලැබී තිබීමද කැපී පෙනේ.

    ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ 17 වන සභාපතිවරයා ඇතුළු නිලධාරී මණ්ඩලය තෝරා ගන්නා නිලවරණය අප්‍රේල් මස 4 වනදා පෙරවරු 10 ට ක්‍රීඩා අමාත්‍යාංශ ඩන්කන්වයිට් ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

    The article first published on dinamina.lk <a href="Read More” target=”_blank”>⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.