මෙරටට පැමිණි පකිස්තානු අගමැතිවරයාගේ සහ අන්තර්ජාතික ප්‍රජාවගේ අවධානය යොමු කරවීම පිණිස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රිෂාඩ් බදියුදීන්, රවුෆ් හකීම්, මුජිබර් රහුමාන්, එස් එම් මරික්කාර් යන අයගේ අනුබලය යටතේ කොවීඩ් මරණ භූමදානය සම්බන්ධයෙන් කොළඹ ෂැංග්‍රිලා හෝටලය අසල සිදු කිරීමට යන උද්ඝෝෂණයේදී කොවිඩ් නිරෝධායන රීති නොතකා වැරදි සිදු කරන්නේ නම් පොලිස් බලතල අනුව ක්‍රියා කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා ඊයේ (23) කොටුව පොලිස් ස්ථානාධිපතිවරයාට නියෝග කළේය.
500කට අධික පිරිසක් උද්ඝෝෂණයක් සිදු කරන බවට බුද්ධි තොරතුරු ලැබී ඇති බව දැනුම් දෙමින් එම උද්ඝෝෂණය තහනම් කරන ලෙස ආඥාවක් නිකුත් කරන ලෙස අධිකරණයෙන් කළ ඉල්ලීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් මේ නියෝගය සිදු කළේය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය මහජනතාවට හිමිව තිබෙන බව පෙන්වා දුන් මහේස්ත්‍රාත්වරයා පවතින කොවිඩ් 19 වසංගත ව්‍යාප්තිය හමුවේ එම නීති කඩ කරමින් උද්ඝෝෂණකරුවන් ක්‍රියා කරන්නේ නම් ඒ සඳහා පොලිස් ආඥා පනත මගින් ක්‍රියාත්මක වීමට පොලිසියට බලතල තිබෙන බවද කියා සිටියේය.
The article first published on dinamina.lk ⋆෴⋆