24 C
Colombo
Sunday, March 7, 2021

එන්නතෙන් පසු දින 2කට වැඩියෙන් උණ නම් වෛද්‍ය උපදෙස් ගන්න – වෛද්‍ය හේමන්ත හේරත්

Author(s): සන්ධ්‍යා කරුණාරත්නකොවිඩ් එන්නත ගැනීමෙන් පසු කිසියම් පුද්ගලයකුට උණ ස්වභාවය දින දෙකකට වඩා පවතින්නේ නම් වෛද්‍ය උපදෙස් ලබා ගත යුතු බව නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (සෞඛ්‍ය...
More

    Latest Posts

    Tik Tok හරහා එල්. ටී. ටී. ඊ. ය ප්‍රවර්ධනය කළ අයෙක් අත්අඩංගුවට

    - Advertisement -
    ටික්ටොක් නැමැති සමාජ මාධ්‍ය ජාල ඔස්සේ එල්. ටී. ටී. ඊ. ත්‍රස්ත නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ ඡායාරූප ඇතුළත් විවිධ කරුණු පළ කිරීම සම්බන්ධයෙන් වත්තල ප්‍රදේශයේදී සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත. 
     
    වත්තල ප්‍රදේශයේ 25 හැවිරිදි පුද්ගලයෙකු ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මගින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.  
     
    අදාළ සැකකරු විසින් Tik Tok මාධ්‍ය හරහා එල්. ටී. ටී. ඊ. සංවිධානය ප්‍රවර්ධනය කරන ප්‍රවෘත්ති පළකර ඇති බව සදහන් වේ. 
     
    සැකකරුගේ මුල් පදිංචිය මුලතිව් බවත් පසුව හැටන් ප්‍රදේශයේ පදිංචිව සිට ඇති බවත් අනාවරණය වී තිබේ.
     
    ඔහුගේ දුරකථනය පරීක්ෂා කිරීමේදී විවිධ ආකාරයේ ත්‍රස්ත ක්‍රියා වර්ධනය කරන ප්‍රවෘත්ති ඔහු විසින් නිර්මාණය කරඇති බවට ද තොරතුරු හෙළිවී ඇත.

    The article first published on dinamina.lk ⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.