24 C
Colombo
Monday, April 12, 2021

සයුරේ වාර්තා බිඳ ලූ ගුවන් විරුවා

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නායක ගුවන් භට රොෂාන් අබේසුන්දර මහතා තලෙයිමන්නාරම මුහුදු ප්‍රදේශයේ සිට ඉන්දියාවේ ධනුස්කොඩි දක්වාත් නැවත තලෙයිමන්නාරම් මුහුද දක්වාත් පිහිනා නව ආසියානු...
More

    Latest Posts

    ෂම්මි – මතිවානන් මුල්පුටුවට තරග වදිති

    - Advertisement -
    • ක්‍රිකට් නිලවරණයට නාම යෝජනා බාර දෙයි
    • බත්තරමුල්ලේ සීලරතන හිමි උපසභාපතිධුරයක් ඉල්ලයි

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉදිරි වසර දෙකක කාලසීමාව සඳහා නිලධාරීන් පත් කර ගැනීම සඳහා නාමයෝජනා බාරගැනීම ඊයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී සිදු කෙරිණි. සභාපති, උපසභාපතිවරුන් දෙදෙනකු, ලේකම්, උපලේකම්, භාණ්ඩගාරික සහ උපභාණ්ඩාගාරික තනතුරු සඳහා නාමයෝජනා කැඳවා තිබිණි.

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පිහිටුවා ඇති නිලවරණ කමිටුවේ අධීක්ෂණය යටතේ මෙම බාර ගැනීම ඊයේ පෙරවරු 9.30 සිට පස්වරු 3.30 දක්වා සිදු කෙරුණු අතර, එම නාම යෝජනා විවෘත කිරීම ඊයේ පස්වරු 4.00ට සිදු විය.

    - Advertisement -

    වසර 2023 දක්වා බලපැවැත්වෙන පරිදි පත්වීමට නියමිත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව නිලධාරී මණ්ඩලයේ ප්‍රධාන තනතුර වන සභාපතිධුරයට වත්මන් සභාපති ෂම්මි සිල්වා මහතා සහ හිටපු උපසභාපතිවරයකු වන කේ. මතිවානන් මහතා නාමයෝජනා ඉදිරිපත් කර ඇතැයි වාර්තා වන අතර, ෂම්මි සිල්වා පාර්ශ්වයෙන් උපසභාපතිධුර 2 සඳහා හිටපු සභාපතිවරයෙකු සහ වත්මන් උපසභාපති ජයන්ත ධර්මදාස සහ වත්මන් උපසභාපති රවීන් වික්‍රමරත්න මහත්වරුන් නාමයෝජනා බාර දී ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි. ලේකම් තනතුරට වත්මන් ලේකම් මොහාන් ද සිල්වා මහතා නාමයෝජනා බාර ඇතැයිද, උපලේකම් තනතුරට ක්‍රිෂාන්ත කපුවත්ත මහතා ද නාමයෝජනා බාර දී ඇති අතර, භාණ්ඩාගාරික තනතුරට ලසන්ත වික්‍රමසිංහ මහතා සහ උපභාණ්ඩාගාරික තනතුරට සුජීව ගොඩලියැද්ද මහත්වරුන් නාමයෝජනා බාර දී තිබේ. රණතුංග පාර්ශ්වයෙන් සභාපතිධුරයට මතිවානන් මහතාගේ නාමයෝජනාවත්, ලේකම් තනතුරට හිටපු ලේකම්වරයකු වන නිශාන්ත රණතුංග මහතා ද නාමයෝජනා බාර දී ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි. ශ්‍රී ලංකාවේ පළමු වන ටෙස්ට් ක්‍රිකට් නායක බන්දුල වර්ණපුර මහතා උපසභාපති තනතුරකට නාමයෝජනා බාරදී ඇතැයි වාර්තාවේ. කෙසේ වෙතත් නාමයෝජනා බාරදුන් අපේක්ෂකයන්ගේ නම් ලැයිස්තුව පුවත්පත මුද්‍රණයට යනතුරු නිල වශයෙන් නිකුත් කර නොතිබිණි.

    මෙවර ක්‍රිකට් ආයතන නිලවරණයට නාමයෝජනා බාරදීමේදී කැපී පෙනෙන සිදුවීම වූයේ ජනසෙත පෙරමුණේ නායක බත්තරමුල්ලේ සීලරතන හිමි උපසභාපතිධුරයක් සඳහා නාමයෝජනා බාර දීමය. ක්‍රිකට් නිලවරණ ඉතිහාසයේ එවැනි සිදුවීමක් වාර්තා වන්නේ පළමුවරටය. සීලරතන හිමි නාමයෝජනා බාර දෙනු ලැබුවේ වන්නි දිස්ත්‍රික්කයේ සාන්ත අන්තෝනි ක්‍රීඩා සමාජය මගිනි.

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය සඳහා ඉදිරිපත් කළ නාමයෝජනාවලට විරෝධතා බාර ගැනීම ලබන මාර්තු මස 8 වැනිදා සිට 12 වැනිදා දක්වා සිදු කෙරෙන අතර, එම විරෝධතා පිළිබඳ නිලවරණ කමිටුව විසින් ගනු ලබන තීරණ මාර්තු මස 15 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට නියමිතය. අනතුරුව ක්‍රිකට් නිලවරණය සඳහා අවසන් නාමලේඛනය අප්‍රේල් මස 20 වැනිදා නිවේදනය කරනු ඇත.

    - Advertisement -

    ලබන මැයි මස20 වැනිදා ක්‍රීඩා අමාත්‍යාංශයේ ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණයට ඡන්ද 144ක් සුදුසුකම් ලබා සිටින අතර, පළාත් ක්‍රිකට් සංගම් 8ක්, දිස්ත්‍රික් ක්‍රිකට් සංගම් 44ක්, පරිපාලන ක්‍රීඩා සමාජ 58ක්, අනුබද්ධිත ක්‍රීඩා සමාජ 22ක් සහ ක්‍රිකට් සංගම් 12ක් ඒ අතර වේ.

    විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු මාලනී ගුණරත්න මහත්මියගේ සභාපතිත්වයෙන් යුතු ක්‍රිකට් නිලවරණ කමිටුවට විශ්‍රාමික උපරිමාධිකරණ විනිසුරු ශිරෝමී පෙරේරා මහත්මිය හා හිටපු ජ්‍යෙෂ්ඨ අමාත්‍යාංශ ලේකම්වරයකු වූ ආචාර්ය ඩී.එම්.ආර්.බී. දිසානායක මහතා ඇතුළත් වෙති.

    ෆවුස් මොහොමඩ්

    - Advertisement -

    The article first published on dinamina.lk <a href="Read More” target=”_blank”>⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.