24 C
Colombo
Monday, April 12, 2021

දවසේ ලග්න පලාපල

මේෂ ලග්නය - සිතැඟි ඉටු වනු ඇත මේෂ ලග්නයට අනුව අද ඔබට සුබ දිනකි. චන්ද්‍රයා ලග්නගත වීමෙන් තම සිතැඟි ඉටුවන ලකුණු පල කරයි. නිර්මාණශීලි බව...
More

    Latest Posts

    කොමර්ෂල් බැංකුවේ ගාලු කොටුව ශාඛාවට ප්ලැටිනම් සම්මානය

    - Advertisement -
    27 පෙබරවාරි, 2021

     

    ගාලු කොටුවේ කොමර්ෂල් බැංකු ශාඛාව පිහිටි මෑතකදී ප්‍රතිසංස්කරණය කළ ඓතිහාසික ගොඩනැගිල්ලේ තිබෙන පරිසර හිතකාමී අංග ලක්ෂණ හේතුවෙන් ලංකා හරිත ගොඩනැගිලි කවුන්සලය (GBCSL) විසින් එම ගොඩනැගිල්ල වෙනුවෙන් ප්ලැටිනම් සම්මානයක් ප්‍රදානය කර තිබේ.

    - Advertisement -

    ගොඩනැගිල්ලක මෙහෙයුම් සහ නඩත්තු කටයුතු සහතික කිරීම වෙනුවෙන් භාවිතා කරන කාර්ය සාධන ප්‍රමිතීන්ට අනුව ලබාදිය හැකි ඉහළම වර්ගීකරණය ප්ලැටිනම් සම්මානය වේ.

    මේ අනුව, වාණිජ හෝ ආයතනික ගොඩනැගිලි සඳහා මෙම වර්ගීකරණය ලබාදීමේදී හරිත ගොඩනැගිලි කවුන්සලය විසින් සලකා බලන කරුණු අතරට කළමනාකරණය, තිරසර පරිශ්‍රයන්, බලශක්තිය සහ පරිසරය, අමුද්‍රව්‍ය සහ සම්පත්, අභ්‍යය‍න්තර පාරිසරික ගුණාත්මක තත්ත්වය, නවෝත්පාදනය සහ සැලසුම් ක්‍රියාවලිය, සමාජ සහ සංස්කෘතිකමය දැනුම්වත් කිරීම ඇතුළත් වේ.

    The article first published on silumina.lk ⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.