24 C
Colombo
Monday, April 12, 2021

දවසේ ලග්න පලාපල

මේෂ ලග්නය - සිතැඟි ඉටු වනු ඇත මේෂ ලග්නයට අනුව අද ඔබට සුබ දිනකි. චන්ද්‍රයා ලග්නගත වීමෙන් තම සිතැඟි ඉටුවන ලකුණු පල කරයි. නිර්මාණශීලි බව...
More

    Latest Posts

    කොවිඩ් නසන ලෝකයට සුබවාදි බලාපොරොත්තු

    - Advertisement -

    ලෝකයේ සිදුවන ඇතැම් දේ පිළිබඳව විද්‍යාත්මකවත් දෘෂ්ටිවාදීවත් මිනිසාට විටෙක පැහැදිලි කරගත නොහැක. විවිධ කාලවලදී සිදුවන මෙවැනි විපත් අවබෝධකොට ගත නොහැකි තැන ඒවා දේවත්වයට භාර කරන්නේ ඒ නිසාය. කෙසේ නමුත් වර්තමාන ලෝකයේ මිනිසාට හෙට දිනක් පිළිබඳව සිතිය නොහැකි තරමට වසංගතය ලෝකයම වෙළාගෙන ඇත. නමුත්, නාසා ආයතනයේ න්‍යෂ්ටික අත්හදා බැලීම් හෝ පර්යේෂණ කිරීම් නැවතී නැත. ඒ අතර Analytics Insight සඟරාවේ පළකර තිබු නූතන ලෝකය පිළිබඳ කරුණු අප දැනගත යුත්තේ ඒවා හඹා යාමට නොව ලෝකයේ සිදුවන දෑ පිළිබඳව අවබෝධයක් ලබා ගැනීම පිණිසය. ඒ එම කරුණු තවත් නොබෝ දිනකින්ම අප ජීවිතවලටද බලපාන බැවිනි. ගෝලීයකරණය පසුපසට විසිවී ගියද නව මුහුණුවරකින් එය ලෝකය යළි එකතු කරන බැවිනි.

    අභියෝග ජය ගැනීම

    - Advertisement -

    වත්මන් ලෝකයේ රටවල ප්‍රමුඛස්ථානය යොමුවී ඇත්තේ සෞඛ්‍ය ආර්ථිකය හා අධ්‍යාපනය කෙරෙහිය. වර්තමානයේ ලෝකයේ රටවල් අතර පවතින්නේ වෙ‍ෙළඳ යුද්ධයකි. කිසිදු රටක් වෙනත් රටක් යටත් කර ගැනීමට හෝ ඒවාට විරුද්ධව යුද්ධ කිරීමට වෙහෙසෙන්නේ නැත. කොවිඩ් නිසා වැනසුණු රටත් ජනතාවත් නඟා සිටුවීමට, සාමූහ­ිකත්වය මානුෂීය ආධාර පෙරට පැමිණ ඇත. යුනෙස්කෝ ආයතනය දරුවන්ගේ අධ්‍යාපයනය ලැබීමේ අයිතිය මතක් කරන අතර අධ්‍යාපනය ශක්තිමත් කිරීම කෙරෙහි කරුණු 9 කින් පෙන්වා දී ඇත. එහිදී සෑම රජයක්ම මෙන්ම ගුරුවරුද මේ කාර්යය කරට ගත යුතු බවත් රජයන් විසින් හා ලෝක මට්ටමෙන් එකිනෙකාට උපකාර කළ යුතු බවත් පෙන්වා දී ඇත. අන්තර්ජාල පහසුකම් හා සෞඛ්‍ය පහසුකම් සඳහා රජයන් ප්‍රමුඛත්වයක් දිය යුතු අතර පාඨමාලා කාලානුරූපව වෙනස් කිරීමේ අයිතිය රටවලට ලබා ගත යුතු බව පෙන්වා දී තිබේ. මෙහි මුඛ්‍යාර්ථය ලෙස අධ්‍යාපනය නවීකරණය කළ යුත්තේ මානව යහපැවැත්මට මුල්තැන දෙමින් බව මෙසේ සඳහන් කර ඇත. Renewal of education-human and well being priority.

    විශේෂයෙන් අපට සතුටු විය හැකි ප්‍රධාන කරුණක් එහි සඳහන් වන ආකාරයට සුබවාදී බලාපෙරොත්තුවකි. එංගලන්තයේ වෛද්‍ය පර්යේෂණ ආයතනයක් විසින් පිළිකාව නිශ්චිතවම සොයා ගැනීම සඳහා සුහුරු ඉදිකටුවක් Smart Needle නමින් සොයාගෙන ඇති අතර පිළිකාවට මෙතෙක් නොඇසූ සහනයක් ලෙස Custom Cancer Vaccines නමින් සාර්ථක එන්නතක් සොයාගත් බව වාර්තා වේ. එසේම ඉබෝලා වයිරසයෙන් පසුව බෝවන රෝග මූලයන් පැහැදිලි කර ගැනීම අසීරු වී ඇති අතර රෝගය පාලනය කර ගැනීමටත් අඩුකර ගැනීමටත් හැකිවී ඇත. වර්තමානයේ ලෝකයම ප්‍රධාන අවධානය යොමුකර ඇත්තේ ජනතාවගේ සෞඛ්‍ය කෙරෙහිය. අප රටටද මෙවැනි සොයා ගැනීම් කවදා හෝ ඵලදායක ඒවාය.

    නිදහස් වෙ‍ෙළඳාම

    - Advertisement -

    වඩාත් සතුටු විය හැකි කරුණු අතර ලෝක ආර්ථිකයේ බලපෑම සිදුකළ නිදහස් වෙළෙඳාම Free Market End රට රටවලට අදාළ ලෙස අවසානයකට පැමිණ ඇති බව කියැවේ. ඒ වෙනුවට බහු සැපැයුම් ජාලයක් Multi-Tire Supply Chains ගැටගැසී ඇති අතර බහුපාර්ශ්වීය ගිවිසුම් නව මුහුණුවරක් ගෙන ඇති බවට කදිම නිදසුන් වන්නේ මෑතකදී චීනයත් යුරෝපයත් මෙන්ම රුසියාවත් ජපානයත් ඇති කරගත් වෙළෙඳ ගිවිසුම් දෙස බලන විටය. ශ්‍රී ලංකාවේ මෑතකදී සිදු වූ වරායේ නැඟෙනහිර ජැටිය පිළිබඳව අපට දුක් වන්නට සිදු වන්නේ මතු දිනෙක එය පාඩු ලබමින් නඩත්තු කළ නොහැකි විටෙකය. එහිදී බහු සැපැයුම් ජාලගතව ඉන්දියාව සමඟ කළ ගනුදෙනුව පිළිබඳව අපට වැටහෙන්නේ පසුවටය. දැනට ශ්‍රී ලංකාවද දේශීය ආර්ථිකය කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීම සතුටට කරුණකි. ඒ අනුව පූර්ණ ආර්ථිකයම දේශීයත්වය මත රඳා පැවැතෙන බවක් නොකියැවේ. මීටම සමගාමීව කාර්යාලවල සිදුවී ඇති හා මතුවට සිදුවන දෑ පිළිබඳ අප රටවලටද කිසියම් ඉඟියක් සපයයි. වර්තමානයේ වැඩපළ විශාල ප්‍රමාණයක් වැසී ගොස් ඇති අතර ඒ සඳහා ගෙදර සිට වැඩ කිරීම Teleworking සේවකයන් අඩුකර ගැනීම අවශ්‍ය සේවකයා පමණක් කැඳවීම-on demand වැනි සිදුවීම් අනුව වැඩපළ workplace යන සංකල්පය සහයෝගිතා මධ්‍යස්ථාන-Collaboration Hub බවට පත්වී ඇති බව පෙන්වා දේ. එහි සේවකයාට දක්ෂතා වර්ධනය කර ගත යුතු වන-up-skills අතර ශඛ්‍යතා යළි වර්තමානයට Re-skills ගළපා ගත යුතු වනු ඇත.

    නව ආකෘති

    ගම්බද ප්‍රදේශවල වෙනම ක්‍රමයක ශ්‍රම බළකායක් work force බිහිවනු ඇත. රොබෝ සේවාව බෙහෙවින් යොදා ගන්නා අතර මහා ව්‍යාපාර වන Air lines, Hospitals, Education පමණක් නොව සිල්ලර කර්මාන්තවල පවා නව ආකෘති new modles transformation වලට ගමන් කිරීමක් ඇරඹී ඇත. කොවිඩ් වසංගතය හමුවේ වැසුණු කර්මාන්තශාලා හා නව කර්මාන්තශාලා මීට කදිම නිදසුන් වේ. ශ්‍රී ලංකාවේ මෑතකදී රබර් නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් ආරම්භ කිරීම නව කර්මාන්ත පිළිබඳ ඉඟියක් සැපැයේ. මෙහිදී විශ්ෂයෙන්ම රජයත් කර්මාන්තශාලා හිමියනුත් සොයා ගත යුතු කරුණ වන්නේ මේ රටේ තිබුණු ටයර් නිෂ්පාදන කර්මාන්තය වැනසුණේ ඇයිද යන්නය. ඊට හේතුව මෙසේ මහා පරිමාණයෙන් ආරම්භ කරන කර්මාන්තශාලා ද ඒ තත්ත්වයට වැටීමට ඉඩ නොදී මතුවටත් රැක ගැනීම පිණිසත් විදේශ විනිමය පමණක් නොව මෙරට රැකියා අහිමිවූවන්ට මේවා මහා අස්වැසිල්ලක් වන බැවිනි.

    - Advertisement -

    අප කැමැති වුවද නොවුවද අංකිත තාක්ෂණය සෑම අංශයක්ම ආවරණය කරනු ඇත. 2011 පටන් සංඛ්‍යාංක විභේදනය Digital Divide ලෙස අප සලකන ඇති නැති පරතරය රාජ්‍ය මැදිහත්වීම් මත වෙනස් කිරීමට සිදුවේ. මේ තත්ත්වය හඳුන්වන්නේ Digital Transformation Journey යනුවෙනි. මෙහි වඩාත් භාවිත වන පරිගණකය නවතාවකින් IBM සමාගම නිපදවා ඇත්තේ සුපිරි පරිගණකය හෙවත් Super Computer/Quantum යනුවෙනි. මෙහි ඇති විශේෂත්වය වනුයේ මෙතෙක් අප ආයතනයකට හෝ මධ්‍යස්ථානයකට දත්ත රඳවනයක් ස්ථාපනය Install කරගැනීම නොමැතිව ඒ පරිගණක ඇසුරේම ඒවා පැවැතීමයි -Cloud service on-premise යනුවෙන් මේ තත්ත්වය හඳුන්වා ඇත ඒ අනුව දැනට විශ්වාසය පිළිබඳ ගැටලුව ලිහා Bitcoins භාවිතය ප්‍රචලිත වනු ඇත.

    දැනට පවතින පහසුකම් තවදුරටත් වැඩි කරන smart home technology සංකල්පයට අනුව ගෙවල් ඇතුළේ සිටම බොහෝ දේ කරගත හැකි වනු ඇත. 5G internet පහසුකම් මීළඟ පරපුරට ලැබෙනු ඇත. සංඛ්‍යාංක තාක්ෂණය වඩාත ඵලදායී මානව ජීවිතවලට කෙරෙන ආදේශය ආහාර නිෂ්පාදනය හා ස්වාභාවික ක්‍රම වෙත මිනිසා ගමන් කරවීමයි. දැනටමත් ලෝකයේ මෙන්ම ශ්‍රී ලංකාවේ ස්වාභාවික ආහාර රටා සඳහා යන මානව ගමනක් ආරම්භ කර ඇත.

    මානව පරිණාමය

    කෘත්‍රිම ආහාර අභාවයට යනු ඇත. මිනිසා මේ සඳහා දැනටමත් Green pressure යන සංකල්පයක් බිහිකර ඇත. මීළඟ පරපුරේ භාවිත වන මොබයිල් දුරකතනයේවත් කාබන් චිපයක් දැකිය නොහැක. වෙ‍ෙනකක් තබා දැනටමත් උඩුගුවනේදීවත් ගුවන්යානාවලින් පරිසරයට හානි නොවීමට නව ක්‍රම භාවිත වන අතර දුම්රියවලදී පවා ඒවා වෙනස්වන ක්‍රම වන දුම් පරීක්ෂණ ක්‍රම Offset flight-related co2 emissions /Offset carbon emission යනුවෙන් බටහිර රටවල දැනටමත් ආරම්භ කර ඇත.

    අප මෙතෙක් විශ්වාස කොට ඇත්තේ මානව පරිණාමයේදී මානව පවුල් ගසට අනුව- Human Family Tree නියැන්ඩතාල් මානවයා ජර්මනියෙන් සොයාගත් ෆොසිලවලට අනුව මුලින්ම යමක් ලිවීමට උත්සාහ කළ මානවයා වශයෙනි. ඒත් මෑතකදී ප්‍රංසයේ BRUNIQUEL නම් ගුහාවලින් එවැනි මානවයෙක් ජීවත් වූ බවට සාධක සොයාගෙන ඇත. ඒ නිසා මානව පවුල් ගසේ කිසියම් සෙලවීමක් සිදුව ඇතැයි පුරාවිද්‍යාඥයන් සොයාගෙන ඇත. මේවා අපට වැදගත් වන්නේ පුරාවිද්‍යා අධ්‍යයන ක්ෂේත්‍රයේදීය. ඒ ලෙසම ඩී.එන්.ඒ -පර්යේෂණවලටද එහි බලපෑම නිසා මේ සොයා ගැනීම entering the Criptera ලෙස හැඳින්වීමට පටන් ගෙන ඇත. ලෝකයේ සිදුවන කොවිඩ් ව්‍යාප්තියත් සමඟ මේ පර්යේෂණ දත්ත මානව විද්‍යාඥයන්ගේ ගමනේ නව මං විවර කර ඇති බවත් කියැවේ.

    මෙතෙක් නූතනය සමඟ පමණක් ජීවත්වූ මිනිසා ෙව්ගයෙන් සමාජවාදය කරා යන බවත් මේ වාර්තාවලින් පෙන්වා දේ. ඊට හොඳම නිදසුන වන්නේ ලෝකයේ මහා න්‍යෂ්ටික බලවතෙකු වන ඇමරිකාවම ඒ සඳහා ආරම්භක පියවර ගෙන තිබීමයි. වොෂින්ටනයේ fission plan යනුවෙන් න්‍යෂ්ටික අත්හදා බැලීම් කුඩා ප්‍රමාණයකට පත්කර ඇති අතර මානව යහ පැවැත්ම well-being human යන්නත් මානව චින්තනයේ සිතන ආකාරයේ-new mindsets නවතාවක්ද වෙනසක්ද ඇතිවී තිබේ. මින් පසු ලෝකයේ මිනිසා එකිනෙකාට උපකාර කරන ලෝකයක් මිස අභියෝග කරන යුගයක් යළි නොඑනු ඇත.

    උගත හැකි පාඩම්

    එය මානව යහපැවැත්ම උදෙසා බිහිවන සාමුහික සමාජ වගකීමක් ලෙස-Corporet social responsibility and well-being of the people ලෝක සමාජය ගොඩ නැඟෙමින් පවතී. මෙහිද‍ී වරක් සමාජ විද්‍යඥයකු වන AAZINOCIC ගේ ප්‍රකාශයක් මතක් කළ යුතුය. එනම් සමාජවාදය හෝ කොමියුනිස්ට්වාදය නිර්මාණය වන්නේ ද්‍රව්‍යමය සම්පත් හා භාණ්ඩ පරිභෝජනයේ උපරිම මට්ටමකදී නොව මිනිස් ප්‍රජාවේ පැවැත්ම තීරණාත්මක දුෂ්කර අභියෝගයන්ට මුහුණදෙන විටෙක සමාජ ජීවිතය ප්‍රතිනිෂ්පාදනය හා සංරක්ෂණය කරලීමේ මාදිලියක් ලෙසය” යන්න අදට කෙතරම් සමීපදැයි පසක් කරන බැවිනි. 

    සංවර්ධිත යැයි මෙතෙක් හඳුනාගෙන තිබූ රටවලට කොවිඩ් වසංගතය කුඩා රටවලට වඩා දරුණු ලෙස ඉගැන්වීමක් කර ඇත. චීනය මෙතෙක් පරිසරයට කාබන් මුදාහරින ප්‍රධාන රටක් ලෙස තවදුරටත් නොපැවැතීමට එරට තීරණය කර ඇතතේ ලෝකයට සිදුවූ හානියේ ආරම්භක රට චීනය යන්න අවබෝධකොට ගැනීම නිසා විය හැකිය ස්වාභාවික ආහාර රටාවලටත් නිවාසවලටත් green pressure සංකල්පය යටතේ ගමන් අරෂා ඇත දේශපාලනික වශයෙන් රට රටවල පැවැති ආරාවුල් මතුවට වෙනත් ස්වරූපයක් ගනු ඇත. ලෝකයේ රටවල් මෙයින් මෙසේ විවිධ පාඩම් උගතද අප රටේ දේශපාලන ක්ෂේත්‍රයේ පවතින පරාධීන අදහස් තිබෙනතුරු මේ පිළිබඳව අපට සතුටු විය නොහැක අතළොස්සක් දෙනා පමණක් ලෝකයේ නව තත්ත්වය පිළිබඳ දැන සිටියද බහුතරය තවමත් සිටින්නේ මීට දශක දෙකතුනකට පෙර යුගයේ වීම කනගාටුවට කරුණකි. මීළග පරපුර හෝ දේශපාලනයෙන් තොරව රට පිළිබඳ සිතුවහොත් ලෝකය සමඟ නව ලෝකය රැගෙන පෙරගමන් යා හැකිය.

    The article first published on dinamina.lk ⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.