24 C
Colombo
Monday, April 12, 2021

සයුරේ වාර්තා බිඳ ලූ ගුවන් විරුවා

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නායක ගුවන් භට රොෂාන් අබේසුන්දර මහතා තලෙයිමන්නාරම මුහුදු ප්‍රදේශයේ සිට ඉන්දියාවේ ධනුස්කොඩි දක්වාත් නැවත තලෙයිමන්නාරම් මුහුද දක්වාත් පිහිනා නව ආසියානු...
More

    Latest Posts

    ඩොලර් බිලියන 13ක අපනයන ඉලක්කයක් – රාජ්‍ය ඇමැති අජිත් නිවාඩ් කබ්රාල්

    - Advertisement -
    Author(s): 
    ජයසිරි මුණසිංහ

    මේ වසරේ ඇ. ‍ඩොලර් බිලියන 13ක අපනයන ආදායමක් ගැනීමට ඇස්තමේන්තු කොට ඇතැයි මුදල්, ප්‍රාග්ධන වෙළෙඳපොළ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය ඇමැති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ප්‍රකාශ කළේය. මුදල් අමාත්‍යාංශයේ ඊයේ (25) පැවති විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමින් රාජ්‍ය ඇමැතිවරයා මේ බව කීය.

    වසර 2021 කොවිඩ් 19 අභියෝග හමුවේ සහ ඒ සමඟම ඇති වන ගෝලීය තත්ත්ව තුළ පවා යහපත් බලාපොරොත්තු සහිතව ශ්‍රී ලංකා ආර්ථිකය කළමනාකරණය කර ගැනීමට රජය කැපවීමෙන් සහ උනන්දුවෙන් නව ආකාරයකට සිතා ක්‍රියා කරන බව පැහැදිලි කළ කබ්රාල් මහතා මේ වසරේ ආනයන වියදම ඩොලර් බිලියන 17.5ක් වනු ඇතැයි ඇස්තමේන්තු කොට ඇතැයිද කීය. මෙහිදී විශේෂයෙන් විදේශ විනිමය ආරක්ෂා කර ගනිමින් ශ්‍රී ලංකා රුපියල ශක්තිමත් කොට රටේ ජනතාවට වඩාත් වාසිදායක ප්‍රතිඵල අත් කර දෙන ආනයන අපනයන වෙළෙඳාමක් තුළින් වර්ධනය වූ සමාජ ආර්ථික පසුබිමක් සකස් කරන බවද රාජ්‍ය ඇමැතිවරයා කීය.

    - Advertisement -

    The article first published on dinamina.lk ⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.