පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කර අවශ්‍ය ක්‍රියාමාර්ග වාර්තා කිරීමට පත් කළ ජනාධිපති විමර්ශන කොමිසන් සභාවේ සියලු සාක්කි ලේඛන හා සීඩී පට ඇතුළත් වාර්තා 4ක් තමන් වෙත යොමු කරන ලෙස නීතිපතිවරයා විසින් ජනාධිපති ලේකම්වරයාට ලිඛිතව දැනුම් දෙමින් ඉල්ලීමක් කර ඇත.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වරදකරුවන් වන පුද්ගලයන්ට එරෙහිව නඩු පැවරීමට හා අවශ්‍ය නෛතික ප්‍රතිපාදන ක්‍රියාත්මක කිරීමට කොමිසන් සභා වාර්තා පමණක් ප්‍රමාණවත් වන්නේද නැතහොත් තවදුරටත් විමර්ශනය කළ යුතුද යන්න තීරණයක් ගැනීම සඳහා සියලු වාර්තා අවශ්‍ය බව නීතිපතිවරයා දැනුම් දී ඇත.
පාස්කු කොමිසන් සභාවේ අවසන් වාර්තාව ජනාධිපති ලේකම්වරයා විසින් නීතිපතිවරයාට ඊයේ ඉදිරිපත් කළ අතර නීතිපතිවරයා එය අධ්‍යයනය කිරීමෙන් අනතුරුව අනෙකුත් වාර්තා (2 සිට 5 දක්වා) ද අවශ්‍ය බව ලිඛිතව දැන්වූ බව නීතිපති සම්බන්ධීකාරක අධිනීතිඥ නිශාර ජයරත්න මෙණෙවිය දිනමිණට පැවසීය.
The article first published on dinamina.lk ⋆෴⋆