පාස්කු ප්‍රහාරය පිළිබඳ වගඋත්තරකරු නිදැල්ලේ සිටියදී අවුරුදු 1 1/2ක් පමණ කල්මරා ජනාධිපති කොමිසම විසින් දී තිබෙන්නේ අසම්පූර්ණ සහ සැකසහිත වාර්තාවක් බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා ඊයේ (25) ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදී පැවසුවේය.
ජනාධිපති කොමිසමේ ප්‍රධාන වගකීම සැබෑ වගඋත්තරකරුවා හෙළිදරව් කිරීම වුවද සැබෑ වගඋත්තරකරුවා හෙළිදරව් වී නොමැති බැවින් එම පුද්ගලයා තවමත් නිදැල්ලේ සිටින බවත් පාස්කු ප්‍රහාරයේ වගකිවයුත්තාට දඬුවම් කිරීමක් මේ වාර්තාවෙන් වී නොමැති බවත් එය ජනතා බලාපොරොත්තු කඩ කිරීමක් බවත් හෙතෙම පැවසීය.
නදී මාණික්කගේ
The article first published on dinamina.lk ⋆෴⋆