24 C
Colombo
Monday, April 12, 2021

සයුරේ වාර්තා බිඳ ලූ ගුවන් විරුවා

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නායක ගුවන් භට රොෂාන් අබේසුන්දර මහතා තලෙයිමන්නාරම මුහුදු ප්‍රදේශයේ සිට ඉන්දියාවේ ධනුස්කොඩි දක්වාත් නැවත තලෙයිමන්නාරම් මුහුද දක්වාත් පිහිනා නව ආසියානු...
More

    Latest Posts

    පාස්කු වාර්තාවට විවාදයක් දෙනවා – ඇමැති දිනේෂ් ගුණවර්ධන

    - Advertisement -
    Author(s): 
    ස්වර්ණා විජේකෝන්
    සන්ධ්‍යා කරුණාරත්න

    පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් වාර්තාව පිළිබඳ විවාදයක් දෙන බව සභානායක, ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (25) ප්‍රකාශ කළේය. ඉදිරි පක්ෂ නායක රැස්වීමේදී පක්ෂ නායකයන් සමඟ සාකච්ඡා කර අදාළ විවාදය දෙන බවද ඇමැතිවරයා පැවසීය.

    එමෙන්ම මේ වාර්තාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයක් දෙන බවට ආණ්ඩුව මීට පෙර අවස්ථා ගණනාවකදී ප්‍රකාශ කළ බවත් ඒ අනුව අදාළ විවාදය දෙන බවත් සභානායකවරයා පැවසීය. පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් වාර්තාව සභානායක ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා විසින් ඊයේ (25) පාර්ලිමේන්තුවේදී සභාගත කළේය.

    - Advertisement -

    මේ අවස්ථාවේදී මේ පිළිබඳ දින තුනක විවාදයක් අවශ්‍ය බවට විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කළ ඉල්ලීමකට අනුව ගුණවර්ධන මහතා මේ බව පැවසීය.

    The article first published on dinamina.lk ⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.