24 C
Colombo
Monday, April 12, 2021

සයුරේ වාර්තා බිඳ ලූ ගුවන් විරුවා

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නායක ගුවන් භට රොෂාන් අබේසුන්දර මහතා තලෙයිමන්නාරම මුහුදු ප්‍රදේශයේ සිට ඉන්දියාවේ ධනුස්කොඩි දක්වාත් නැවත තලෙයිමන්නාරම් මුහුද දක්වාත් පිහිනා නව ආසියානු...
More

    Latest Posts

    රග්බි ක්‍රීඩකයෝ වෙරළට බසිති

    - Advertisement -
    Author(s): 
    ෆවුස් මොහොමඩ්

    වෙරළ පවිත්‍රව තබා ගැනීමේ අරමුණින් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය (MEPA) විසින් ඇරඹූ ‘සයුර රකින රැල්ල’ තිරසර වෙරළ පවිත්‍රතා වැඩසටහනේ පළමු අදියරට ශ්‍රී ලංකා රග්බි ආයතනය සහ රග්බි කණ්ඩායමට අනුග්‍රාහකත්වය සපයන ඩයලොග් ආසියාටා සමාගම එක් වෙයි. මීගමුව සාරුක්කුව වෙරළ තීරය පවිත්‍ර කිරීමෙන් ඇරඹුණු මේ වැඩසටහනින් අපද්‍රව්‍ය කිලෝග්‍රෑම් 770ක් සුරක්ෂිතව සහ තිරසර අයුරින් බැහැර කිරීම සඳහා වත්තල ප්‍රාදේශීය සභාවට බාර දීමට කටයුතු කෙරිණි.

    ඉදිරියේදී සෙසු ක්‍රීඩා සංගම්, ආයතන මෙන්ම සිවිල් සමාජයටත් පෙරට පැමිණ මෙරට පුරවැසියන් වෙනුවෙන් පමණක් නොව සොබාදහම සහ සත්ත්වයන් වෙනුවෙන් තම වගකීම් ඉටු කිරීමේ ජාතික කර්තව්‍යයට උරදීමට දිරිගැන්වීම සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ අපේක්ෂාව යැයි මෙරට ස්වභාවික සම්පත් රැක ගැනීම උදෙසා ප්‍රමුඛත්වය ගෙන කටයුතු කිරීම වෙනුවෙන් රග්බි ආයතනයට සහ ඩයලොග් සමාගමට ස්තූතිය පුද කළ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිනි දර්ශනී ලහඳපුර මහත්මිය මෙහිදී කියා සිටියාය.

    - Advertisement -

    රග්බි ක්‍රීඩකයකු ලෙස කුසලතා වර්ධනය කර ගැනීමේදී පැසිෆික් සාගර කලාපයේ පිහිටි ෆිජී, සැමෝවා සහ ටොංගා වැනි රටවල රග්බි කණ්ඩායමේ ප්‍රබලතම ක්‍රීඩකයන් මුහුදු වෙරළ ආශ්‍රිතව සිදු කරන පුහුණුවීම් අතිශය වැදගත් වී ඇතැයි මේ වැඩසටහනට එක්වෙමින් ශ්‍රී ලංකා රග්බි ආයතනයේ සභාපති රිස්ලි ඉල්යාස් මහතා පැවසීය. විශේෂයෙන්ම වෙරළ ආශ්‍රිතව සිදු කෙරෙන ‘ටච් රග්බි’ ක්‍රීඩාවෙන් පන්දුව පාලනය කිරීමේ හැකියාව ගත හැකි බවත්, මෙරට වෙරළ දූෂණය වැඩිවීමත් සමඟ එවැනි ක්‍රියාකාරකම් සඳහා එය සුදුසු නොවන තැනක් බවට පත්ව ඇති බවත්, ඉල්යාස් මහතා පෙන්වා දුන්නේය.

    මේ වැඩසටහනට රග්බි වැනි විශාල ප්‍රේක්ෂක ආකර්ෂණයක් සහිත ක්‍රීඩාවක් සම්බන්ධ වීමෙන් රටේ මිල කළ නොහැකි ස්වභාවික සම්පත් රැක ගැනීමේ වැදගත්කම පිළිබඳ ක්‍රීඩාලෝලීන්ටත්, ජනතාවටත් මනා අවබෝධයක් දීමට බලපෑමක් ඇති වනු ඇතැයි මේ වැඩසටහනට එක්වෙමින් ඩයලොග් ආසියාටා සමාගමේ සන්නාම සහ මාධ්‍ය ජ්‍යෙෂ්ඨ සාමාන්‍යධිකාරි හර්ෂ සමරනායක මහතා සඳහන් කළේය.

    ජාතික රග්බි කණ්ඩායම්වල ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙන්ම අසෝක ජයසේන, හිෂාම් ආබ්ඩීන්, ඩිල්රෝයි පෙරේරා, අජිත් උපවංශ, ආර්.එම්.එස්. රත්නායක සහ ජූඩ් පිල්ලේ වැනි හිටපු ක්‍රීඩකයන් ද, පරිසර ආරක්ෂණ අධිකාරියේ නියෝජිතයන්, ජනප්‍රිය සංගීතවේදීන් වන භාතිය හා සංතූෂ් සමඟ ශ්‍රී ලංකා රග්බි ආයතනයේ සහ ඩයලොග් ආසියාටා සමාගමේ නිලධාරීහු පැය දෙකක කාලයක් මේ වෙරළ පවිත්‍රතා කාර්යයට එක් වූහ.

    - Advertisement -

     

    - Advertisement -

    The article first published on dinamina.lk <a href="Read More” target=”_blank”>⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.