ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන සම්බන්ධයෙන් ප්‍රමුඛතම ආයතනයක් වන ශ්‍රී ලංකා තාක්ෂණික විශ්වවිද්‍යාලය (SLTC), පසුගියදා ඉන්දුනීසියාවේදී පැවති International Paper Competition – World Invention Trade Expo (WINTEX)හිදී විශිෂ්ට දක්ෂතා පෙන්නුම් කළ සිසු සිසුවියන් ඇගයීම සඳහා විශේෂ උත්සවයක් සංවිධානය කිරීමට කටයුතු කළේය. බත්තරමුල්ල ‘Water’s Edge’ හෝටලයේදී පැවති මෙම උත්සවයට නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යපන, පර්යේෂණ සහ නව නිපැයුම් රාජ්‍ය අමාත්‍ය සීතා අරඹේපොළ මහත්මියද සහභාගී වූවාය.
ශ්‍රී ලංකා තාක්ෂණික විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පාසල නියෝජනය කළ කණ්ඩායම් 5ක් WINTEX හිදී රන් සම්මාන 3ක් සහ රිදී සම්මාන 2ක් සමග තාක්ෂණික භාවිතාව සම්බන්ධයෙන් ‘Best of the Best’ කාණ්ඩය යටතේ විශේෂ සම්මානයක්ද දිනා ගැනීමට සමත් වූහ. මෙම කණ්ඩායම් 5 ජයග්‍රහණ හිමිකර ගැනීමට සමත් වූයේ රටවල් 25ක සාමාජික සාමාජිකාවන් 2,200කට අධික සංඛ්‍යාවක් විසින් ඉදිරිපත් කරන ලද ව්‍යාපෘති 345ක් අතරිනි. SLTCහි මූලික උපාධි හා පශ්චාත් උපාධි හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවෝ මෙම කණ්ඩායම් 5ට ඇතුළත් වූහ.
The article first published on colombotribune.com ⋆෴⋆