24 C
Colombo
Monday, April 12, 2021

සයුරේ වාර්තා බිඳ ලූ ගුවන් විරුවා

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නායක ගුවන් භට රොෂාන් අබේසුන්දර මහතා තලෙයිමන්නාරම මුහුදු ප්‍රදේශයේ සිට ඉන්දියාවේ ධනුස්කොඩි දක්වාත් නැවත තලෙයිමන්නාරම් මුහුද දක්වාත් පිහිනා නව ආසියානු...
More

    Latest Posts

    ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නව සභාපති තේරී පත්වේ!

    - Advertisement -

    ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ 26 වන සභාපතිවරයා ලෙස ජනාධිපති නීතිඥ සාලිය පිරිස් තේරී පත්වුවා. ඒ අද පැවති ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ මැතිවරණයෙන් ජන්ද 5093ක් ලබා ගනිමින්. ඒ වැඩි ජන්ද 2386ක් ලබා ගනිමින්.

    ඔහු සමග එම ධුරය සඳහා තරග කළ ජනාධිපති නීතිඥ කුවේර ද සොයිසා හට ලබා ගැනීමට හැකිවුයේ ජන්ද 2707ක් පමණයි.

    - Advertisement -

    ජනාධිපති නීතිඥ සාලිය පිරිස් කොළඹ ශාන්ත ජෝශප් විදුහලේ ආදී සිසුවෙක් වනවා.

    ශ‍්‍රී ලංකා නීතිඥ සංගමයේ ලේකම් ලෙස නීතිඥ රජීව අමරසූරිය නිතරගයෙන් තේරී පත් වූ අතර ඔහු එම ධූරයේ තවදුරටත් කටයුතු කරණු ඇත.

    දිවයින පුරා පිහිටි නීතිඥ සංගම් මධ්‍යස්ථාන 85 ක මැතිවරණය පවත්වනු ලැබුවා. මෙම ජන්ද විමසීම අද පෙරවරු 8 සිට පස්වරු 5 දක්වා පැවැත්වූ අතර ඒ සඳහා ලියාපදිංචි නීතිඥවරුන් 17,000 ක් පමණ ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා තිබෙනවා.

    - Advertisement -

    අතිරේක සොලිසිටර් ජනරාල් සංජය රාජරත්නම් මහතා මෙම ජන්ද විමසීමේ තේරීම් භාර නිළධාරියා ලෙසට කටයුතු කරන ලදී .

    The article first published on colombotribune.com ⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.