24 C
Colombo
Monday, April 12, 2021

සයුරේ වාර්තා බිඳ ලූ ගුවන් විරුවා

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නායක ගුවන් භට රොෂාන් අබේසුන්දර මහතා තලෙයිමන්නාරම මුහුදු ප්‍රදේශයේ සිට ඉන්දියාවේ ධනුස්කොඩි දක්වාත් නැවත තලෙයිමන්නාරම් මුහුද දක්වාත් පිහිනා නව ආසියානු...
More

    Latest Posts

    සා/පෙළ සිසුන්ගේ හැඳුනුම් පත් නිකුත් කරන විශේෂ දිනය අද

    - Advertisement -

    මාර්තු 1 දා සිට ආරම්භ වන අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින අපේක්ෂකයන්ගේ ජාතික හැඳුනුම්පත් සකස් කිරීමේ විශේෂ දිනයක් ලෙස අද (26) දිනයේ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විවෘතව තැබීමට තීරණය කර තිබේ.

    සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයන් සඳහා පමණක් මේ විශේෂ සේවාව පවත්වනු ලබන අතර පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය, ගාල්ල, කුරුණෑගල, වව්නියාව හා මඩකලපුව දිස්ත්‍රික්කවල පළාත් කාර්යාලද මේ කාර්යය සඳහා අද (26) පෙ. ව. 8.30 සිට පස්වරු 1 දක්වා විවෘතව තැබේ.

    - Advertisement -

    මේ විශේෂ දිනයේ හැඳුනුම්පත් සකස් කර ගැනීමට පැමිණෙන සිසුන් විදුහල්පති හෝ ග්‍රාම නිලධාරිවරයා විසින් නිසි ලෙස සම්පූර්ණ කරන ලද ඉල්ලුම් පත් රැගෙන පැමිණිය යුතු බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් පී. වී. ගුණතිලක මහතා දන්වා සිටියි.

    The article first published on dinamina.lk ⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.