24 C
Colombo
Monday, April 12, 2021

සයුරේ වාර්තා බිඳ ලූ ගුවන් විරුවා

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නායක ගුවන් භට රොෂාන් අබේසුන්දර මහතා තලෙයිමන්නාරම මුහුදු ප්‍රදේශයේ සිට ඉන්දියාවේ ධනුස්කොඩි දක්වාත් නැවත තලෙයිමන්නාරම් මුහුද දක්වාත් පිහිනා නව ආසියානු...
More

    Latest Posts

    එන්නත්කරණයේදී ජනතා සහාය අත්‍යවශ්‍යයි – රාජ්‍ය ඇමැති, මහාචාර්ය චන්න ජයසුමන

    - Advertisement -
    Author(s): 
    සුභාෂිණී සේනානායක

    කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීම සඳහා ජනතාවගේ සහාය අත්‍යවශ්‍ය වන බව ඖෂධ නිෂ්පාදන, නියාමන හා සැපයීම් රාජ්‍ය ඇමැති, මහාචාර්ය චන්න ජයසුමන මහතා දිනමිණට ඊයේ (26) ප්‍රකාශ කළේය.

    බස්නාහිර පළාතේ එන්නත්කරණය කරන ඇතැම් එන්නත්කරණ මධ්‍යස්ථානවල තදබදය හේතුවෙන් ඇතැම් ස්ථානවල උණුසුම්කාරී තත්ත්වයක් ඇති වූ බව පෙන්වා දෙන රාජ්‍ය ඇමැතිවරයා එන්නත්කරණ කටයුතු සාර්ථක කර ගැනීම සඳහා ජනතා සහාය දෙන ලෙස ඉල්ලීමක් කළේය.

    - Advertisement -

    වයස අවුරුදු 18ට වැඩි සියලු දෙනාට කොරෝනා මර්දන එන්නත දීමට තීරණය කර ඇති බැවින් ජනතාව ඉවසීමෙන් කටයුතු කළ යුතු බව පෙන්වා දෙන රාජ්‍ය ඇමැතිවරයා එන්නත්කරණ මධ්‍යස්ථානවලට ගොස් අධික තෙරපීම්වලට ලක් වීමෙන් කොවිඩ් වයිරසය ආසාධනය වීමට වැඩි ඉඩක් පවතින බවත් සෞඛ්‍ය අංශ මේ වන විට දී ඇති උපදෙස් නිසි ලෙස පිළිපදිමින් දැනුම් දීමක් කළ විට පමණක් අදාළ ස්ථානවලට යොමු වන ලෙසත් වැඩි දුරටත් සඳහන් කර සිටියි.

    The article first published on dinamina.lk ⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.