24 C
Colombo
Monday, April 12, 2021

සයුරේ වාර්තා බිඳ ලූ ගුවන් විරුවා

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නායක ගුවන් භට රොෂාන් අබේසුන්දර මහතා තලෙයිමන්නාරම මුහුදු ප්‍රදේශයේ සිට ඉන්දියාවේ ධනුස්කොඩි දක්වාත් නැවත තලෙයිමන්නාරම් මුහුද දක්වාත් පිහිනා නව ආසියානු...
More

    Latest Posts

    කොරෝනා පරදවා තිරිමාන්න යළි නැඟිටියි

    - Advertisement -
    Author(s): 
    ප්‍රින්ස් ගුණසේකර

    ධනංජයත් කි.මී. 2 ධාවනයෙන් සමත්

    කොරෝනා වයිරසය ආසාදනය වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු ළහිරු තිරිමාන්න සුවය වී මෙන් අනතුරුව කිලෝමීටර් දෙකේ ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයෙන් සමත්ව කොදෙව් පිල සමඟ ටෙස්ට් තරගාවලියට සූදානම් වෙයි. ආබාධයකට ලක්ව සිටි ධනංජය ද සිල්වා ද මේ කිලෝමීටර් දෙකේ ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයෙන් සමත්ව ඇත.

    - Advertisement -

    ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ කොදෙව් සංචාරය වෙනුවෙන් පසුගියදා සියලු ක්‍රීඩකයන් කිලෝමීටර් දෙකේ ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයට ලක්කළ අතර, ළහිරු තිරිමාන්න කොරෝනා ප්‍රතිකාර හේතුවෙන් හා ධනංජය ද සිල්වා දකුණු අප්‍රිකාවේ සිදු වූ ආබාධය හේතුවෙන් එම පරීක්ෂණයට සහභාගී නොවිණි.

    කිලෝමීටර් දෙකේ ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය මිනිත්තු 8යි තත්පර 35කට අඩු කාලයකදී සම්පූර්ණ කිරීම දෙන ඉලක්කය වන අතර, තිරිමාන්න මිනිත්තු 8යි තත්පර 21කදී හා ධනංජය ද සිල්වා මිනිත්තු 8යි තත්පර 20කදී කිලෝමීටර් දෙකේ ධාවනය නිම කළහ. කොළඹ සුගතදාස ධාවන පථයේදී මේ ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය පැවැත්විණි.

    ළහිරු තිරිමාන්න හා ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් යන දෙදෙනාම මේ මාසයේ මුල් සතියේදී කොරෝනා වයිරසය ආසාදනය වී කොළඹ පෞද්ගලික රෝහලක අධීක්ෂණය යටතේ පවත්වාගෙන යන වැල්ලවත්තේ පිහිටා ඇති තරු හතරේ හෝටලයක ප්‍රතිකාරගත් අතර, මිකී ආතර් කලින්ම සුව වී කණ්ඩායම සමඟ දකුණු අප්‍රිකාව බලා පිටත්ව ගියේය.

    - Advertisement -

    බටහිර ඉන්දීය කොදෙව් සංචාරයේදී‍ ශ්‍රී ලංකා පිල මුලින්ම විස්සයි 20 තරග 3ක් ක්‍රීඩා කරන අතර, එම තරග මාර්තු 3, 5 සහ 7 යන දිනවල ඇන්ටිගුවාහී කූලිජ් ක්‍රිකට් පිටියේදී පැවැත්වේ. අනතුරුව එක්දින තරගාවලිය ඇන්ටිගුවා නෝර්ත් සවුන්ඩ්හි සර් විවියන් රිචර්ඩ් ක්‍රීඩාංගණයේදී මාර්තු 10, 12 සහ 14 දිනවල පැවැත්වෙන අතර, ටෙස්ට් තරග දෙක මාර්තු 21 සහ මාර්තු 29 දිනවලදී ඇන්ටිගුවාහිදී ආරම්භ වේ.

    The article first published on dinamina.lk <a href="Read More” target=”_blank”>⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.