24 C
Colombo
Monday, April 12, 2021

දවසේ ලග්න පලාපල

මේෂ ලග්නය - සිතැඟි ඉටු වනු ඇත මේෂ ලග්නයට අනුව අද ඔබට සුබ දිනකි. චන්ද්‍රයා ලග්නගත වීමෙන් තම සිතැඟි ඉටුවන ලකුණු පල කරයි. නිර්මාණශීලි බව...
More

    Latest Posts

    තැපැල් දෙපාර්තමේන්තු සම්මුඛ පරීක්‍ෂණවලට දේශපාලන අතපෙවීමක්.

    - Advertisement -

    III වන ශ්‍රේණියේ තැපැල් සේවා නිලධාරී තනතුරට පත් කර ගැනීමට අදාළ සම්මුඛ පරීක්‍ෂණයේදී ලකුණු ලබා දීමට කරමින් ඇති යෝජනාව සම්බන්ධවයි.

    2021.02.17 වන දින නියෝජ්‍ය පොස්ට් මාස්ටර් ජනරාල් පාලන තුමාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලද තැපැල් සේවා නිලධාරි බඳවා ගැනීමේ පටිපාටියේ සංශෝදන සම්බන්ධව වෘත්තීය සමිති සමඟ කරන ලද සාකච්චාවේදී තැපැල් විෂය භාර ගරු ඇමතිතුමා විසින් III වන පෙලට නිලධාරි බඳවා ගැනීමේදී පවත්වන සම්මුඛ පරීක්‍ෂණයේදී ලකුණු ලබා දීමට යෝජනාවක් ඉදිරිපත් කර ඇති බව තැපැල් පරිපාලනය දැනුම් දෙන ලදි. එහිදී එම යෝජනාවට ලංකා තැපැල් සේවා සංගමය ලෙස අපද අනෙකුත් වෘත්තීය සමිති ද ඒ සඳහා අකමැත්ත හා විරෝධය පල කර සිටින ලදි.

    - Advertisement -

    විවෘත තරඟ විභාගයෙන් වැඩිම ලකුණු ලබා ගන්නා අපේක්ෂකයින් මෙම සම්මුඛ පරීක්‍ෂණයට කැදවන ලද අතර, එම අයට නැවත ලකුණු ලබා දීම යනු මෙම තරඟ විභාගයට තිබෙන අගය වටිනාකම පහතට ඇද දැමිමක් සේම තරඟ විභාගයෙන් වැඩි ලකුණු ලබා ගන්නා සුදුස්සන් හට බලවත් අසාධාරණයක් වනු ඇත. කසිදු බලපෑමකින් තොරව ස්වාධීනව තැපැල් දෙපාර්තමේන්තුව හරහා රාජ්‍ය සේවයට එක් වීමට ඇති අවස්ථාවද අහිමි වනු ඇත. මෙහි තිබෙන ස්වාධීන බව නැති කරමින් දේශපාලන අතපෙවීමකට ඉඩ විවර කර ගැනීමක් මින් සිදුවේ. ඒ අනුව මෙම යෝජනාවට අපගේ දැඩි විරෝධය පල කර සිටින අතර, මෙම විවෘත තරඟ විභාගය තවදුරටත් ප්‍රමාද නොකර තැපැල් දෙපාර්තමේන්තුවේ පවතින නිලධාරි පුරප්පාඩු පියවා ගැනීමට විභාගය පැවැත්වීමට අදාළ කටයුතු සඳහා අවශ්‍ය ඉඩ ලබා දෙන මෙන් ඉල්ලා සිටින්නෙමු.

    ජගත් මහින්ද
    සභාපති
    ලංකා තැපැල් සේවා සංගමය.

    The post තැපැල් දෙපාර්තමේන්තු සම්මුඛ පරීක්‍ෂණවලට දේශපාලන අතපෙවීමක්. appeared first on Lanka News Column.

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.