24 C
Colombo
Monday, April 12, 2021

සයුරේ වාර්තා බිඳ ලූ ගුවන් විරුවා

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නායක ගුවන් භට රොෂාන් අබේසුන්දර මහතා තලෙයිමන්නාරම මුහුදු ප්‍රදේශයේ සිට ඉන්දියාවේ ධනුස්කොඩි දක්වාත් නැවත තලෙයිමන්නාරම් මුහුද දක්වාත් පිහිනා නව ආසියානු...
More

    Latest Posts

    භූමදාන තීරණය ජනතා මතයට සවන් දීමක් – තිස්ස අත්තනායක

    - Advertisement -
    Author(s): 
    සුභාෂිණී සේනානායක

    කොවිඩ් මරණ භූමදානය කිරීමට ප්‍රමාද වී හෝ ආණ්ඩුව පියවර ගැනීම රටේ පුරවැසියන්ගේ මූලික ඉල්ලීම්වලට ඉඩ දීමක් බව සමඟි ජනබලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා දිනමිණට ඊයේ (26) පැවසීය.

    ආණ්ඩුව කිසිදු විද්‍යාත්මක පදනමක් නැතිව කොවිඩ් මරණ ආදාහනය කළ යුතු බවට තීරණය කළ බවත් ලෝක ප්‍රජාවගේ කොවිඩ් මරණ සම්බන්ධයෙන් වෙනත් මතයක් තිබුණු බවත් හෙතෙම පැවසීය.

    - Advertisement -

    ලෝක සෞඛ්‍ය සංවිධානය ඒ ඒ රටවල් ක්‍රියාත්මක කරන ක්‍රමවේද භාවිත කරන්නට කියා තිබුණත් මෙරට එසේ ක්‍රියාත්මක නොවීම ගැටලුසහගතව පැවැති බවද හෙතෙම කීවේය. සමඟි ජනබලවේගය දිගටම පෙනී සිටියේ සාධාරණත්වය සහ යුක්තිය වෙනුවෙන් බවත් මේ තීරණය මින් පෙර ගත යුතුව තිබූ තීරණයක් බවත් කී ඒ මහතා මේ මොහොතේ හෝ එය තීරණය කිරීම යහපත් බවත් කීවේය.

    The article first published on dinamina.lk ⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.