24 C
Colombo
Monday, April 12, 2021

සයුරේ වාර්තා බිඳ ලූ ගුවන් විරුවා

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නායක ගුවන් භට රොෂාන් අබේසුන්දර මහතා තලෙයිමන්නාරම මුහුදු ප්‍රදේශයේ සිට ඉන්දියාවේ ධනුස්කොඩි දක්වාත් නැවත තලෙයිමන්නාරම් මුහුද දක්වාත් පිහිනා නව ආසියානු...
More

    Latest Posts

    ලේබල් ගැසීමට පෙර

    - Advertisement -

     

     

    - Advertisement -

     

     

     

    - Advertisement -

     

     

     

    - Advertisement -

     

     

     

     

     

    ඇසුරුම්කරණයේදී පමණක් නොව මිනිසුන්ටද ලේබල් ගැසීමට අපේ ඈයෝ හරි හපන්නුය. එය සමාජය තුළ සෑම මොහොතකම සිදුවන්නකි. මිනිසා සාමූහික සත්ත්වයෙක් වශයෙන් ජීවත් වනුයේ ඔහුට තනිවම තම අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි නිසාය. මෙලොව ඉපදී ඇති සෑම මිනිසෙක්ම එක හා සමාන නොවන අතර එකිනෙකා ගත කරනුයේ ඔවුනට උරුම වී ඇති ජීවිතය. මේ නිසා විවිධ ගති ලක්ෂණ ඇති මිනිසුන් සමඟ එදිනෙදා ජීවිතය ගෙවීමට අපට සිදු වේ. මියෙනා තුරු කෙනෙකු ඇසුරු කළ ද ඔහු කවුරුන්ද යන වග නිශ්චිතව හඳුනාගත නොහැකිය. මිනිසුන් නිශ්චිතව හඳුනාගත නොහැක්කේ සිත තුළ පවතින ගතික ස්වභාවය නිසාය. මං වෙනස් වෙන්නේ නැතැයි යනුවෙන් ඉහ මුදුනේ දිවුරුම් දුන් අය ද කාටත් කලියෙන් වෙනස් වන්නේ මේ නිසාය. නමුත් මොළයක් සහ හදවතක් දායාද කොට ඇත්තේ ඔහේ වළපල්ලට යන දිනක පොළොවට පස් වීමට නොව මිනිසුන් තේරුම් ගැනීමටය. සෑම විටම තොරතුරු පිපාසයෙන් හා කුතුහලයෙන් සිටින මිනිසාට නිල නොලත් ආරංචි නොහොත් ඕපා දූප යනු දිව්‍ය ඖෂධයක් බඳුය. විශේෂයෙන්ම සමාජ මාධ්‍ය තුළ වැඩිමනක් සංසරණය වන්නේද ඕපා දූපය. එය ඉතා සාර්ථක ආදායම් මාර්ගයක් ද වී ඇත.

    බොහෝ දෙනෙක් දන්නේ තවත් කෙනෙකුගේ කතන්දරය මිස කතාව නොවේ. කතන්දර කියනුයේ ගොත ගොතය. නමුත් කතාව තුළ ගෙතීමක් නොවන අතර එය සත වශයෙන්ම දන්නේ කතා නායකයාගේ හෘද සාක්ෂියයි. වටින් පිටින් තුනපහ දමා අනන කතාව බොහෝ දෙනෙක් විශ්වාස කරන්නේ එහි ඇති රසය හා අනෙකා පහත හෙළීමේ මානසිකත්වය නිසාය. එහි සත්‍ය අසතතාව කුමක් වුව ද එය පතුරුවා හැර අදාළ පුද්ගලයා අපහසුතාවට පත් කිරීමට අසත්පුරුෂයින් දෙවරක් සිතන්නේ නැත. යන එන අතරමඟදී යහළුවෙක් මුණගැසී කතා කළ ද නිවසට යන විට ඕකි මෙහෙමයි යනුවෙන් ලේබලය වැදී අවසානය.

    ප්‍රේම සබඳතාවක් බිඳ වැටුණු පසු නැවත එවැනි දේකට මුල පිරීම ගැහැනු ළමයෙකු මුළු මහත් රටක් සමාජයක් ඉදිරියේම නිදි නොවැදම ගණිකාවක් වීමට තරම් වරදක් බවට පත්වන්නේ මිනිසුන් තුළ අනෙකා කෙරෙහි හැඟීමක් හෝ අනුකම්පාවක් නොමැති නිසාය. තමා උපමාවට ගෙන අනුන් ගැන සිතිය යුතු බවට බුදුන් වහන්සේ පවා දේශනා කොට ඇත්තේ සෑම මිනිස් ජීවිතයකටම උරුම වූ වටිනාකම් පවතින නිසාය. තවත් අයෙකුට වූ විපත තමාට සිදු වූවා නම් තමා පත්වන අපහසුතාව කෙතරම් ද යන වග මොහොතකට හෝ සිතනවා නම් මිනිසුන් කිසිම දිනක තවකෙකුට ලේබල් නොගසනු ඇත. හිස් දෑතින් පැමිණ හිස් දෑතින්ම ආපසු යන්නට පැමිණි මේ ගමනේ තවකෙකුට ලේබල් ගසා ලබාගත හැකි සැනසීමක් නොමැත. ඇත්ත නැත්ත දැන උපකාරයක් අවශ්‍ය නම් සිදු කර දී තවත් හදවතක් වචනයකින් හෝ සැනසීමට හැකි නම් එය ඔබත් මාත් මේ නිමක් නොමැති සසර තුළ ලබනා අමාණ සැනසිල්ලක් කුසලයක් බවට පත් වනු නොඅනුමානය.

     

     හර්ෂමාලී වීරරත්න

    The article first published on dinamina.lk ⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.