සිසු සැරිය ව්‍යාපෘතිය යටතේ ධාවනය කෙරෙන සියලු බස් රථ අපොස සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන මාර්තු 1 සිට 11 දක්වා වූ කාල සීමාවේ නොකඩවා ධාවනය කළ යුතු බවට ජාතික ගමනාගමන කොමිසන් සභාව එම සේවාවන් පවත්වාගෙන යන අයට දැනුම් දී තිබේ.
සිසු සැරිය බස් රථ ගමන් කරන අවස්ථාවලදී කිසිදු පිටස්තර මගියකු බස් රථයට නංවා නොගත යුතු බවටත් විභාග පවතින කාල සීමාව තුළ යම් නොවැළැක්විය හැකි හේතුවක් මත සිසුවකුගේ මව්පියන් දරුවා සමඟ පාසල වෙත ගමන් කිරීමට පැමිණියහොත් එවැනි අවස්ථාවක ඊට අවසර දිය හැකි බවත් එහි අධ්යක්ෂ ජනරාල් නිලාන් මිරැන්ඩා මහතා සඳහන් කළේය.
සියලු බස් රථවලට සෞඛ්‍ය උපදෙස් අනුව සිසුන් ප්‍රවාහනය කරන ලෙසත් සිසුන් අඩු සංඛ්‍යාවක් ගමන් කළද සිසු සැරිය බස් රථවල ධාවනය අඛණ්ඩව කළ යුතු බවත් කොමිසන් සභාව වැඩි දුරටත් කියයි.
The article first published on dinamina.lk ⋆෴⋆