අනුර කුමාර දිසානායක
සාමාන්‍ය ජනතාව පැය 5-6 අව්වේ වේළෙමින් පෝලිම්වල සිටියදී ආණ්ඩුව එන්නත්කරණය සඳහා ප්‍රභූ ලයිස්තු සකස් කර ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පසුගියදා පැවති මාධ්‍ය හමුවේදී පැවසුවේය.
පුරවැසියන් මරණය අබියස සිටියදී තමන්ගේ ප්‍රභූත්වය මත, ආණ්ඩුවේ හිතවත්කම් මත ව්‍යාපාරික පැලැන්තිය එන්නත ලබාගැනීම ශිෂ්ඨ සම්පන්න සමාජයකට අනුමත කළ නොහැකි බවත් ආණ්ඩුව පැණිය ප්‍රමොට් කරපු තරමට එන්නත ප්‍රමෝට් නොකරන බවත් පැවසූ මන්ත්‍රීවරයා පක්ක්ෂයක් ලෙස කිසි අවස්ථාවකදී එන්නත ප්‍රතික්ෂේප කර නොමැති බවත් එන්නත ලබාගැනීම වරප්‍රසාදයක් නොව හිමිකමක් බවත් කියා සිටියේය.
ආණ්ඩුවට මුලින් ලැබුණු එන්නත් ලක්ෂ 05ක ප්‍රමාණය හෝ ප්‍රමුඛතාවය අනුව ලබාදීමට නොහැකි වුණු බැවින් ඉදිරියේ ලැබෙන එන්නත් ජාතික එන්නත්කරණ සැලැස්මට අනුව ක්‍රියාත්මක කරන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බවත් හෙතෙම පැවසීය.
නදී මාණික්කගේ
The article first published on dinamina.lk ⋆෴⋆