24 C
Colombo
Monday, April 12, 2021

සයුරේ වාර්තා බිඳ ලූ ගුවන් විරුවා

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නායක ගුවන් භට රොෂාන් අබේසුන්දර මහතා තලෙයිමන්නාරම මුහුදු ප්‍රදේශයේ සිට ඉන්දියාවේ ධනුස්කොඩි දක්වාත් නැවත තලෙයිමන්නාරම් මුහුද දක්වාත් පිහිනා නව ආසියානු...
More

    Latest Posts

    යුද හමුදා බසයක් වනවාසලදී දුම්රියේ ගැටෙයි

    - Advertisement -

    සෙබළුන්ට හානියක් නෑ

    කැලණිය සහ වනවාසල අතර තෙලඟපාත ප්‍රදේශයේ පිහිටි දුම්රිය හරස් මාර්ගය අසලදී මහනුවර සිට කොළඹ කොටුව බලා ධාවනය වූ සෙංකඩගල මැණිකේ ශීඝ්‍රගාමි දුම්රියේ යුද හමුදා බස් රථයක් ගැටීමෙන් ඊයේ (01) උදෑසන අනතුරක් සිදුව ඇති අතර එම බස් රථයේ ගමන් ගත් හමුදා සාමාජිකයන් සිව්දෙනාට අනතුරක් සිදුව නැති බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් නිලන්ත ප්‍රේමරත්න මහතා කීය.

    - Advertisement -

    හේකිත්ත ප්‍රදේශයේ සිට පනාගොඩ යුද හමුදා පාලන කඳවුර වෙත මේ යුද හමුදා බස් රථය ධාවනය වෙමින් තිබී ඇති බවත් එම අවස්ථාවේදී එහි හමුදා සාමාජිකයන් සිව් දෙනකු ගමන් කරමින් සිට ඇති බවත් යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් නිලන්ත ප්‍රේමරත්න මහතා පැවසීය.

    අනතුරෙන් යුද හමුදා සාමාජිකයන් කිසිවකුට තුවාල වී නැති අතර බස් රථයට හානි සිදුව තිබෙන බව කියා සිටි ඒ මහතා අනතුර හේතුවෙන් බස් රථයට දැඩි අලාභහානි සිදුව ඇති බවත් ප්‍රකාශ කළේය.

     සුභාෂිණී සේනානායක සහ

    - Advertisement -

    රක්ෂණ ශ්‍රියන්ත සහ රාගම සමූහ

    The article first published on dinamina.lk ⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.