ජනාධිපතිගේ පොරොන්දුව ඉටු කරයි
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා “ගම සමඟ පිළිසඳර“ දෙවැනි වැඩසටහනේදී මාතලේ දිස්ත්‍රික්කයේ විල්ගමුව ජනතාවට පොරොන්දු වූ පරිදි 2021 මහ කන්නයේ වගා කටයුතුවලට ජලය සැපයීම සඳහා රුපියල් කෝටි 711.5ක වියදමින් නව ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට රජය සැරසෙයි.
සෘජුවම ගමේ ජනතාව මුණගැසී ඔවුන්ගේ ගැටලු විසඳුම් ලබාදෙන “ගම සමඟ පිළිසඳර“ වැඩසටහන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්පයක් මත ක්‍රියාවට නංවා ඇති අතර එහි දෙවැනි අදියර මාතලේ දිස්ත්‍රික්කයේ විල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අතිදුෂ්කර හිඹිලියාකඩ ගමේදී පැවැත්වුණේ පසුගිය ඔක්තෝබර් මස 02වැනි දිනය.
එහිදී ජනතාවගෙන් ඉදිරිපත්වූ ප්‍රධාන ගැටලුව වූයේ වගාකිරීමට ජලය හිඟකමය.
හිඹිලියාකඩ වැවට ජලය ලබාගැනීම සඳහා ගැඹුරු ඔය හරහා ධාරිතාව ඝන මීටර් මිලියන 1.3කින් යුත් වත්තේගෙදර වැවත් දොඩම්ගොල්ල ඔය හරහා ධාරිතාව ඝන මීටර් මිලියන 2.4කින් යුත් දොඩම්ගොල්ල වැවත් ඉදිකර කළුගඟ ජලාශයේ දකුණු ඉවුර ප්‍රධාන ඇළේ සිට මීටර් 1800ක් දිග උමං මාර්ගයක් හරහා ජලය සැපයීම වඩාත් ප්රශස්ත විසඳුම ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව හඳුනාගෙන තිබේ.
ජනාධිපතිවරයාගේ පොරොන්දුව ප්‍රකාරව නව ව්‍යාපෘතිය මඟින් වාරි ජලය සැපයීම සඳහා රුපියල් කෝටි 711.5ක් කඩිනමින් ලබාදෙන ලෙස වාරිමාර්ග ඇමැති චමල් රාජපක්ෂ මහතා ඇමැති මණ්ඩල පත්‍රිකාවක් මඟින් ඉල්ලා තිබෙන බව රජයේ ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.
වත්තේගෙදර වැව සඳහා ඉතා කෙටි කාලයක් ඇතුළත විද්‍යාත්මක ශක්‍යතා අධ්‍යනයක් වාර්මාර්ග දෙපාර්තමේන්තුව කර ඇති අතර අනුමැතිය සඳහා එම අධ්‍යනය ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුව වෙතද යවා තිබේ. එසේම හිඹිලියාකඩ වැව හිඹිලියාකඩ වැවෙහි රොන්මඩ ඉවත් කිරීමත් මේ වන විට අරඹා ඇති අතර මෙම ව්‍යාපෘතියේ ඉදිකිරීම් 2021-2023 කාලසීමාවේදී නිමා කිරීමට නියමිතය. මීට මාස පහකට පෙර පැවැති එම ජනහමුවේදී ජනතාවට දුන් පොරොන්දුව ප්‍රකාරව
ජනාධිපතිවරයා පොරොන්දු වූ පරිදි මේ වන විටත් වත්තේගදෙර වැව ඉදිකිරීම සඳහා
මාතලේ දිස්ත්‍රික්කයේ විල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අතිදුෂ්කර හිඹිලියාකඩ ගමේදී පැවැති ගම සමඟ පිළිසඳර දෙවැනි වැඩසටහනේදී ජනතාවගෙන් ඉදිරිපත් වූ ගැටලු අතර ප්‍රධානතම ගැටලුව වූයේ වගාකිරීමට ජලය හිඟකමයි.
හිඹිලියාකඩ වැවෙන් පෝෂණය වන අක්කර 1300කට මෙන්ම අලුතෙන් වගා කළ හැකි ඉඩම් අක්කර 1010කටත් වගා කිරීමට ජලය සැපයීමෙන් කෘෂිකර්මාන්තය ජීවනෝපාය කරගත් දුගී ජනතාවගේ දරිද්‍රතාව අවම කළ හැකි වන අතරම දැනට පවතින වගා තීව්‍රතාව වැඩි කළ හැකි බවද පෙනී ගොස් තිබේ.
ධනුෂ්ක ගොඩකුඹුර
The article first published on dinamina.lk ⋆෴⋆