24 C
Colombo
Monday, April 12, 2021

සයුරේ වාර්තා බිඳ ලූ ගුවන් විරුවා

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නායක ගුවන් භට රොෂාන් අබේසුන්දර මහතා තලෙයිමන්නාරම මුහුදු ප්‍රදේශයේ සිට ඉන්දියාවේ ධනුස්කොඩි දක්වාත් නැවත තලෙයිමන්නාරම් මුහුද දක්වාත් පිහිනා නව ආසියානු...
More

    Latest Posts

    සා/පෙළ විභාගය අැරඹෙයි

    - Advertisement -

    ආසාදිතයන් 38කට විශේෂ මධ්‍යස්ථාන

    රට පුරා විභාග මධ්‍යස්ථාන 4 ,513කදී ඊයේ (01) ආරම්භ වූ අපොස සාමාන්‍ය පෙළ-2020 විභාගය සෑම විභාග මධ්‍යස්ථානයකදීම කිසිදු ගැටලුවකින් තොරව ක්‍රියාත්මක වූ බව විභාග කොමසාරිස් ජනරාල් බී. සනත් පූජිත මහතා පැවසීය.

    - Advertisement -

    කොවිඩ් ආසාදිත තත්ත්වයට පත්ව සිටින විභාග අපේක්ෂකයන් 38 දෙනකු විශේෂිත විභාග මධ්‍යස්ථානවලදී මෙදින විභාගයට පෙනී සිටි බවත්, විභාග කොමසාරිස් ජනරාල්වරයා කීය. උතුරු මැද, වයඹ සහ ඌව පළාත් හැර සෙසු පළාත්වලින් මේ ආසාදිතයන් වාර්තාවී තිබූ බවත් පැවසීය.

    දිනමිණ කළ විමසුමකදී විභාග කොමසාරිස් ජනරාල්වරයා මේ බව සඳහන් කළේය. කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් මෙවර විභාගය සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදවලට යටත්ව පැවැත්වෙන අතර, විභාගයට පෙනී සිටින කිසියම් සිසුවකු ආසාදිත වුවහොත් ඒ සඳහා පෙර සූදානමක් වශයෙන් සෑම දිස්ත්‍රික්කයකම විශේෂ විභාග මධ්‍යස්ථාන දෙක බැගින් ස්ථාපිත කිරීමට විභාග දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

    මෙවර විභාගය සඳහා පාසල් අයදුම්කරුවන් 423,746ක් ද, පෞද්ගලික අයදුම්කරුවන් 198,606ක් ද වශයෙන් මුළු අයදුම්කරුවන් 622,352ක් පෙනී සිටීමට නියමිතය. මේ මස 10 වැනිදා දක්වා විභාගය පැවැත්වේ.

    - Advertisement -

    සිතාරා සේනානි

    The article first published on dinamina.lk ⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.