අන්තර්ජාතික ජනමාධ්‍ය අතර ඉදිරියෙන්ම සිටින කීර්තිමත් ප්රවෘත්ති නාලිකාවක් වන CNN, විසින් ශ්‍රී ලංකාව සහ ශ්‍රී ලංකා සංචරණය ඇගයීමට ලක් කර තිබේ.
ශ්‍රී ලංකාවේ ජාතික ආර්ථිකයට ප්‍රබල ශක්තියක් ලබාදෙන සංචාරක ව්‍යාපාරය කොවිඩ්-19 වසංගත තත්ත්වය හමුවේ නැවත නගාසිටුවීම සඳහා නව්‍යකරණ ක්‍රමවේදයක් හරහා නව සාමාන්‍ය වාතාවරණයක දී ගනු ලැබූ විශිෂ්ට උත්සාහය හා කැපවීම වෙනුවෙන් CNN ප්රවෘත්ති නාලිකාව මේ ඇගයීම සිදුකර තිබෙන බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.
මෙරටට පැමිණෙන සංචාරකයන්ට නිදහස් නීරෝධායන සංචාර හෙවත් Quarantine free සංචාරක අවස්ථා නිර්මාණය කරදීමට අදාළ පාලන අධිකාරීන් අවධානය යොමුකර තිබෙන අතර ඒ සඳහා “ජෛව බුබුළු සංකල්පය භාවිත කළ බවද ආරක්ෂිත හා සුරක්ෂිත හෝටල් සහතිකය හඳුන්වා දීමෙන් සංචාරක හෝටල් සේවක පිරිස් සංචාරක කර්මාන්තයෙහි නියැළී ව්‍යාපාරික පාර්ශ්වකරුවන්, දේශීය ජනයාගේ ආරක්ෂාව සහතික කර ඇති බවද එම අධිකාරිය කියයි. සුරක්ෂිතතා මාර්ගෝපදේශ භාවිතයෙන් ශ්‍රී ලංකා සංචරණය මූලිකත්වයෙන් මෙහෙයවූ නව්‍යකරණ කළමනාකරණ ආදර්ශය මෙහිදී විශේෂයෙන්ම කැපී පෙණිනි.
සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිර්මාණය කරන ලද එම මාර්ගෝපදේශයන්, කර්මාන්තයෙහි අවශ්‍යතාවය අනුව සංචාරක අධිකාරිය විසින් භාවිතයට ගන්නා ලද අතර කරුණු තුනක් මත පදනම් වන මේ නව්‍ය ක්‍රමවේදය නිසා මේ කාලසීමාවේ දී ශ්‍රි ලංකාව සංචාරක ගමනාන්තයක් ලෙස ඉහළ අවධානයට ලක්විය. මෙම ක්‍රමවේදය අනුව සංචාරය කිරීමට අනුකූලතාවය දැක්වීම නිසා සංචාරක කර්මාන්ත ව්‍යාපාරිකයන්ට අදාළ සංචාර බුබුළ නොබිඳී පවත්වාගැනීම සිදු කළ හැකි අතරම, රටට අවශ්‍ය විදේශ විනිමය සම්පාදනය කිරීමේ මගත් නැවතත් විවෘත වේ.
CNN නාලිකාවේ ‘First Move with ‘Julia Chatterley’ වැඩසටහන සමඟ සම්බන්ධ වෙමින් මේ නව්‍ය ක්‍රමවේදය පිළිබඳව අදහස් දක්වන ශ්‍රී ලංකා සංචරණයෙහි සභාපතිනිය – කිමාලි ප්‍රනාන්දු මහත්මිය පෙන්වා දෙන්නේ ‘නීරෝධායන මධ්‍යස්ථාන’ පිහිටුවීම හා එන්නත්කරණ වැඩසටහන සංචාරක කර්මාන්තය තුළ ක්‍රියාත්මක කිරීම ඇතුළුව කොවිඩ් වසංගතය පාලනය හා එය කළමනාකරණය සඳහා ආරම්භයේ සිටම රජය ගෙන ගිය ක්‍රියාකාරී යන්ත්‍රණය අතිශය ඉහළ වැදගත්කමක් ගන්නා බවයි.
මහින්ද අලුත්ගෙදර
The article first published on dinamina.lk ⋆෴⋆