- Advertisement -
රත්නපුර කුරුවිට කුරු ගඟ ආශ්‍රිතව ගලා හැලෙන සුන්දර බෝපත් ඇල්ල සංවර්ධන ව්‍යාපෘති නිසා මතු පරපුරට අහිමි නොකළ යුතු යැයි සබරගමුව ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා ඊයේ (01) රත්නපුර පළාත් සභා කාර්යාලයේදී සඳහන් කළේය.
ඒ මහතා මේ බව සඳහන් කළේ බෝපත් ඇල්ල සංචාරක කළාපයේ ප්‍රගති සමාලෝචන රැස්වීමට එක් වෙමිනි. සංචාරක අමාත්‍යංශය, සබරගමුව පළාත් සභාව, මොරටුව සහ සබරගමුව විශ්ව විද්‍යාල එක්ව බෝපත් ඇල්ල සංචාරක කළාප ව්‍යාපෘතිය ක්‍රියාවට නංවා ඇත.
වර්ෂ 2017 දී ආරම්භ කළ මෙම ව්‍යාපෘතිය යටතේ මේ වන විට අංගසම්පූර්ණ රථගාලක්ද ඉදිකර ඇත. ඊට අමතරව අංගසම්පූර්ණ සනීපාරක්ෂක පද්ධතියක් හා බෝපත් ඇල්ල ප්‍රවේශ මාර්ගය කාපට් කිරීමද මේ වන විට සැලසුම් කර ඇත.
බෝපත් ඇල්ල ප්‍රවේශ මාර්ගය දෙපස අනවසර කඩ නිසා දෙස් විදෙස් සංචාරකයින්ට ගැටළු රැසක් පැන නගී. මෙහිදී අදහස් දැක්වූ සබරගමුව ආණ්ඩුකාරවරයා පැවසූවේ බෝපත් ඇල්ලට ඉහලින් ඉදි කෙරෙන ජල ව්‍යාපෘතිය හේතුවෙන් බෝපතක ස්වරෑපය ඇති ඇල්ලේ ස්වභාවය පවා වෙනස් විය හැකි බවය.
ජනතා අවශ්‍යතා වෙනුවෙන් එවැනි සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාවට නැංවුවද බෝපත් ඇල්ලලේ සුන්දරත්වයට හානි නොවිය යුතු බවද ටිකිරි කොබ්බෑකඩුව මහතා මෙහිදී පැවසීය.
මෙම අවස්ථාවට කුරුවිට ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රේමරත්න මල්කැකුළ, සබරගමුව පළාත් සභාවේ ප්‍රධාන ලේකම් රංජනී ජයකොඩි, පළාත් සංචාරක අමාත්‍යංශයේ ලේකම් චාමර බමුණූආරච්චි ඇතුළු මහත්ම මහත්මීන් පිරිසක් සහභාගී විය.
The article first published on dinamina.lk ⋆෴⋆
- Advertisement -